කොරෝනා රෝගීන් පරීක්ෂා කරන නිදර්ශක හිඟයි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

(දයාසීලි ලියනගේ) 

කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීම සඳහා වූ නිදර්ශක ලබාගැනීමේ උපකරණවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 


රෝග පරීක්ෂාවට අවශ්‍ය මෙම අමුද්‍රව්‍යවල හිඟය රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවලට බාධාවක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය. 

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 


මහතා හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් දැනුවත් කර තිබෙන අතර, මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වෙන ලෙසට පසුගිය සතියේ දී ඉල්ලීමක් කළ බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ වෙන විට කොරෝනා රෝගී තත්ත්වය පරීක්ෂා කිරීමේ වාර ගණන වැඩිකර තිබෙන නිසා මෙම අමු ද්‍රව්‍ය වහාම ලබාදිය යුතු බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.