කෙරවලපිටිය චීන බලාගාරයට චම්පික යළිත් එරෙහි වෙයි


(අජන්ත කුමාර අගලකඩ)  

මෙගාවොට් 350ක එල්.එන්.ජී. බලාගාරයක් කෙරවලපිටියෙ ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට දීම සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී නැවත වරක් විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.  

මෙම ටෙන්ඩරය අඩු මිල ගණන් ඉදිරිපත් කළ ලක්දනවි සමාගමට නොදී වැඩි මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගමකට දීම අසාධාරණ බව ද ඇමැතිවරයා පෙන්වා දී ඇතැයි දැන ගන්නට තිබේ. මේ අතර විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා චම්පික රණවක ඇමැතිවරයාගේ අදහසට විරුද්ධව අදහස් පළකර ඇතැයි වාර්තාවේ.  
මෙම ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමේ තීන්දුව පිළිබඳව නැවත සලකා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වෙන ම කමිටුවක් ද පත් කරනු ලැබ ඇති අතර රවි කරුණානායක, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ද අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක් ද ඊට ඇතුළත් ව සිටිති.