කහකුඩු හිඟය අස්සේ රේගුව අනවසරයෙන් ගෙනා කහකුඩු විනාශ කරයි ද?


  • රට පුරාම කහකුඩු හිඟයි  
  • කහ කැබලි කිලෝව රුපියල් හයද‌ාහට නැගලා  

(දයාසීලි ලියනගේ)  

මේ වෙන විට රටපුරා උග්‍ර කහකුඩු හිඟයක් පවතිද්දී ඉන්දියාවෙන් ගෙන්වන ලද කහ කන්ටේනර් 62 ක් නිදහස් නොකිරීම නිසා කොළඹ වරායේ හිර වී තිබේ.   

මෙම කහ කන්ටේනර් 62 පිළිබඳව මේ වෙන විටත් රේගුව මගින් පරීක්ෂණයක් කරනු ලබන අතර කළයුතු දේ පිළිබඳව කඩිනමින් තීරණයක් ගනු ලබන බව රේගුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.  


මෙම කහ කුඩු තොගය විනාශ කිරීම, ප්‍රති අපනයන කිරීම හෝ රාජ්‍ය වාණිජ ආයතනයකට පැවරීම යන විසඳුම් තුනෙන් එක් තීන්දුවකට එළඹීමට රේගුවට සිදු වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  


කොරෝනා වසංගත තත්ත්වය මත පිටරටින් භාණ්ඩ ගෙන්වීම අත්හිටුවා තිබියදී මෙම කහකුඩු තොගය අනුමැතියකින් තොරව ආනයනය කර තිබෙනවා ද යන්න පිළිබඳව දැන් සොයා බලන බව ද ඔහු කීය.  


මේ අතර වෙළෙඳපොළේ කහ කැබලි කිලෝවක මිල රුපියල් 6000 කට වඩා වැඩි වී ඇති අතර උග්‍ර කහ හිඟයක් රටපුරාම පවතී.  


ආහාර හා ආයුර්වේද ඖෂධ නිපදවීමටත්, රූපාලංකරණයටත් විශාල වශයෙන් කහ පරිභෝජනයට ගනු ලබයි.