එජාපයට එල්ල වූ චෝදනාවලට නිසි පිළිතුරු දීමට බැරි වුණා


මන්ත්‍රී හර්ෂ ද සිල්වා  

(දයාසීලි ලියනගේ)  

එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව රටේ ජනතාවට පෙන්වා දීමට තම පක්ෂයට ශක්තියක් නොවූ බව හිටපු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය. මින් ඉදිරියට බුද්ධිමත්, වැඩක් කළ හැකි, යථාර්ථය තේරුම් ගත හැකි අලුත් මුහුණුවරකින් පක්ෂය ඉදිරිපත් නොවුනහොත් ඉදිරියට පක්ෂයට ද‌ායකත්වය දීමට සූද‌ානම් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.  

සජිත් ප්‍රේමද‌ාස මහතා පරාජය වූයේ ඔහුගේ ප්‍රශ්නයක් නිසා නොව කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නයක් නිසා බව ප්‍රකාශ කළ ඒ මහතා පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා දැන් හෝ නිවැරදි කර රටේ ජනතාවට පෙන්විය යුතු බව ද කීය. පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා නිවැරදි කිරීමට නායකත්වයට නොහැකි වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.