අයවැයෙන් ජනතාවට සහන බලාපොරොත්තු වෙන්න බැහැ


(දයාසීලි ලියනගේ)  

මෙවර අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.  

වර්ෂ 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර තිබෙන ගිවිසුමට අනුව 2019 අප්‍රේල් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක වාරිකයක් ගෙවීමට සිදුවී ඇති තර අවසාන වාරිකය නිකුත් කර නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය.    


මේ වසරේ අප්‍රේල් මාසය වන විට අවසන් වාරිකය ගෙවීමට ඇති නිසා මෙවර අයවැයෙන් ජනතාවට සහන බලාපොරොත්තු විය නොහැකි බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.