යුග දිවියට ධන සම්පත් ලබාදෙන ග්‍රහ යෝග


තරුණ වියට පත් තරුණ තරුණි​ෙයා් තම අනාගත විවාහය ගැන සිහින මවති. ඒ සඳහා ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගනිති. නැතිනම් දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් තම සහකරු, සහකාරිය තෝරා ගැනීමට උත්සාහ ගනී. 
  
යුග දිවියට පත්වෙන තරුණ තරුණියන්ට තම විවාහයෙන් සිතන තරම් සාර්ථක වීමක් දක්නට නොමැති බව අප දන්නා කරුණකි. අප හමුවීමට පැමිණෙන අයගේ කතාවලින් එය මනාව පැහැදිලි වේ.   


විවාහ වීමෙන් පසු දරු සම්පත්, ධන සම්පත් ලබා සතුටින් කාලය ගත කිරීමට අප කවුරුත් කැමැත්තක් දක්වති. නමුත් එය ළඟාකර ගැනීමට ඔබේ කේන්ද්‍රයේ ප්‍රබල විවාහ ග්‍රහ යෝග තිබිය යුතුය. මෙය ඔබටම පරික්ෂා කර ගැනීමට හැකි වන පරිදි ධන සම්පත් ලබා ජීවිතය සාර්ථක කරගත හැකි ප්‍රබල විවාහ යෝග කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.   


මුලින්ම ඔබ තම කේන්ද්‍රය අතට ගෙන වම් අතට ගණනය කරගත යුතුයි. කේන්ද්‍රයේ කොටු 12 ක් (රාශි 12 ක්) ඇත. ඒ ඒ රාශියට අධිපති ග්‍රහයෙක්ද වේ. එයද ඔබ දැනගත යුතුයි. ඒ ඒ රාශි අධිපතීන් මෙසේ දැක්විය හැකිය.   


රාශිය අධිපති   


1. මේෂ - වෘශ්චික කුජ ග්‍රහයා   
2. වෘෂභ - තුලා සිකුරු   
3. මිථුන - කන්‍යා බුධ   
4. සිංහ රවි   
5. කටක සඳු   
6. ධනු - මීන ගුරු (බ්‍රහස්පති)   
7. මකර - කුම්භ ශනි (සෙනසුරු)   


මේ අනුව ඔබ මේෂ ලග්නයේ නම් ලග්නයේ සිට වමට රාශි ගණනය කරන්න. මේෂ වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙනි.   


ඔබ වෘෂභ ලග්නයේ නම් ඒ අනුව වෘෂභ, මිථුන, කටක ආදී වශයෙන් ගණනය කරගෙන යා යුතුය. ඒ අනුව ඒ ඒ රාශියට අධිපති ග්‍රහයා ඔබට තේරුම් ගැනීමට හැකිවේ. මේ අනුව ඔබේ කේන්ද්‍රයේ ප්‍රබල සුබ විවාහ යෝග තිබේද? ඔබට පින්වත් භාග්‍යවන්ත බිරිඳක් ලැබේද? විවාහයෙන් ධන සම්පත් ලැබේද? ආදී වශයෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි ​ෙජ්‍යාතිෂයේ පෙන්නුම් කර දී තිබෙන ප්‍රබල ග්‍රහ යෝග කීපයක් මෙසේ දැක්වීමට මම අදහස් කරමි.   


විවාහයට බලපාන ප්‍රබල සුබ ග්‍රහ යෝග   


1. ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් හෝ 7 වන භාවයේ 9 වැන්නාධිපති සිටීමෙන් හෝ එම භාවස්ථානය දැකීමෙන් හෝ එසේත් නැතිනම් වෙනත් ශුභ ග්‍රහයෙකු 07 වන භාවස්ථානය දැකීමෙන් වාසනාවන්ත විවාහයක් ගත කිරීමට හේතුවේ. එම ග්‍රහයෝග බලයෙන් උපන් තැනැත්තාට හෝ තැනැත්තියට සිය යුග දිවිය කරදරයක් නැතිව ගත කළ හැකිය.   
2. 02-07 සහ 12 යන භාවස්ථානාධිපති කේන්ද්‍රස්ථාන (එනම් 1-4-7-10) හෝ ත්‍රිකෝණ ස්ථානවල (01.05.09) හෝ සිටියදී බ්‍රහස්පති විසින් දක්නා ලද්දේ නම් යහපත් විවාහ ජීවිතයක් ගත කළ හැකිය.   
3. 07 වැන්නාධිපති ග්‍රහයාගේ 02, 07 සහ 11 භාව ස්ථානවල ශුභ ග්‍රහයන් සිටීද වාසනාවන්ත විවාහ යෝගයකි.   
4. කුජ හෙවත් අඟහරු සහ සෙනසුරු 07 වැන්නේ මකර රාශිය වී සිටිය හොත් එවැනි පුරුෂයාට ලැබෙන භාර්යාව රූමතියකි. එමෙන්ම පතිනියකි.   
5. යහපත් දරු සම්පත් ඇතිව ප්‍රීතියෙන් විවාහ ජීවිතයක් ගත කිරීමට නම් 7 අධිපතියා සහ සිකුරු ග්‍රහයා ශුභ රාශියක සිටිය යුතුය. එසේම 05 සහ 07 අධිපතීන් බලවත් විය යුතුය.   
6. බාධක ස්ථානාධිපතියෙකු නොවී බ්‍රහස්පති 07 වැන්නේ සිටීමද යහපත් විවාහ යෝගයකි.   
7. පූර්ව චන්ද්‍රයා 07 සිටින කේන්ද්‍ර හිමියාට යහපත් බිරිඳක් ලැබේ.   
8. බ්‍රහස්පති සිකුරු සංයෝගය 04 වැන්නේ නම් එයද ශුභ ඵල දෙන විවාහ යෝගයකි.   
9. චන්ද්‍ර රවි කටක අඟහරු 11 සිකුරු 8 සහ සෙනසුරු මකර ලග්නයෙහි නම් එය සම්පත් දෙන යෝගයකි.   
10. සියලුම ග්‍රහයන් ලග්නයේ 07 - 07 සහ 12 යන භාවස්ථානවල වේ නම් එවැනි තැනැත්තාට විවා සම්පත්, ධන සම්පත් අඩුපාඩුවක් නැත.   
11. ගුරු සිකුරු දෙදෙනා ඔවුන්ගේ උච්ච රාශියක සිටී නම් එයද සැපදෙන යෝගයකි.   
12. අඟහරු, ගුරු දෙදෙනා ඔවුන්ගේ උච්ච ක්ෂේත්‍රවල සිටියදී උපන් කාන්තාවට ලැබෙන ස්වාමි පුරුෂයා බලවන්තයෙකි.   
13. කාන්තාවකගේ කේන්ද්‍රයක චන්ද්‍රයා උච්ච නම් ඇයගේ විවාහය වාසනාවන්තයි.   
14. බුධ, ගුරු, සිකුරු සංයෝගය 09 වැන්නේ යෙදී තිබියදී 05 අධිපතියාට පෙනුණොත් කේන්ද්‍ර හිමියා රජෙකුට සමානය.   
15. බලවත් 10 වැන්නාධිපති කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක හෝ සිටියදී බුධ ගුරු දෙදෙනාට පෙනු​ෙණාත් ඔහු රිසි සේ සැප සම්පත් විඳින්නෙකකු වේ.   
16. යම් ග්‍රහයෙකුට උච්ච බලයෙන් යුතුව 09 වැන්නේ සිටියහොත් ඒ තැනැත්තාට සැප සම්පත් වලින් අඩුවක් නැත.   
17. බලවත් වූ අධිපතියා ලග්නය 03-05 යන භාවයක සිට 09 වැන්න දකින්නේ නම් හේ භාග්‍යවන්තයෙකි.   
18. 04, 07, 10 යන සන්ධිස්ථානයක 11 අධිපතිව සිටීම ධනවන්තයකු වීමට සලකන ප්‍රබල යෝගයකි.   
19. 04 අධිපතියා ලග්නාධිපතියා සමග 04 වැන්නේ සිටීද එවැනි අයට ගේදොර ඉඩකඩම් නිරායාසයෙන්ම ලැබෙන්නේය.   
20. බුධ සිකුරු ශනි සංයෝගය කන්‍යා මිථුන ලග්න දෙකේ යෙදුණොත් ප්‍රබල ධන යෝගයකි.   
21. චන්ද්‍ර කුජ බ්‍රහස්පති සංයෝගය ධනු මීන ලග්න දෙක යෙදුණොත් ධන යෝගයකි.   
22. මේෂ වෘශ්චික ලග්නවල කුජ බුධ සිකුරු ශනි සංයෝගය යෙදු​​ෙණාත් ධන යෝගයකි.   
23. කටක ලග්නයට චන්ද්‍ර කුජ ගුරු තිදෙනා ලග්නයේ සිටීමෙන් ධන යෝග උදාවේ.   
24. සිංහ ලග්නයේ රවි සිටියහොත් කේන්ද්‍ර හිමියා ධනවතකු වේ. ධන යෝගයකි.   
25. 05 වැන්න ධනු/මීන රාශියක්ව එහි බ්‍රහස්පතිද බුධ, කුජ දෙදෙනා 11 වැන්නේ සිටියදී උපන් තැනැත්තා රජකු හා සමානය.   

 


ඔබගේ හා බිරිඳගේ සැමියාගේ කේන්ද්‍ර පරීක්ෂා කර බලා ඉතා සෞභාග්‍යමත් ජීවිතය සකස් කර ගැනීමට වාසනාව උදාකර ගන්න.   

 

 

 


ප්‍රවීණ ​ෙජ්‍යාතිර්වේදී   
KDRP රාජකරුණා   
රාජගිරිය