චන්න ගැන කටකතා


 

මෑත කාලයේ කාගේත් කතාබහට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක ද වන 
ගයාත්‍රි ඩයස් ආදරය, ප්‍රේමය, විවාහය සය වෙබ් අඩවි ගැන විවෘතව කළ කතාබහක්

 

ඇය කාගේත් ආකර්ෂණය දිනාගත් සුරූපිනියකි. පුංචි තිරයෙන් රංගනයට පැමිණි දිනයේ සිටම ඇය බොහෝ දෙනාගේ සිත් වසඟයට ගැනීමට සමත් වූවාය. එදා සිට අද දක්වා ඇය තමන්ගේ දක්ෂතා රංගනයට පමණක් සීමා නොකොට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයටද එක්වී දක්ෂ ව්‍යාපාරිකාවක් බවට පත්වූයේ හැමෝගෙම සිත් දිනාගනිමිනි. 


ඇය විවාහ වූයේද ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන චන්න පෙරේරා සමගය. දැන් ඔබ ඇය කවුද කියා හඳුනාගන්නට ඇති නේද? ඇය නමින් ගයාත්‍රී ඩයස්ය. මෑත කාලයේදී වැඩියෙන්ම අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවිවලින් මඩ ප්‍රහාර කෑ නිළිය ඇය ලෙස හැඳින්වුවොත් එය වඩාත් නිවැරැදිය.  
ඇය ඒ සියල්ලටම හොඳින් මුහුණ දුන්නාය. විටෙක ඇයට රට අතහැර යන තරමට කලකිරීමක්ද ඇතිවූ බව කිව යුතුමය. ගයාත්‍රී එ් සියල්ල පිළිතුරු සපයන්නට මා සමඟ එක්වූයේ “ආදරය, ප්‍රේමය සහ විවාහය” යන පරිච්ඡේදය ලියන්නට උදව් කරමිනි. ඇය විවෘතව තම අදහස් පළකලේ අප අතර ඇති සුහදත්වය නිසාවෙනි. ඉඳින්, එයට තුති පුදමින් මේ පරිච්ඡේදය ගයාත්‍රි වෙනුවෙන් ලියා තබන්න මම අදහස් කළෙමි.  

 

ආදරය, ප්‍රේමය ඔයා හඳුනාගෙන තිබෙන්නේ කොයි විදිහටද?  
මෙහෙමයි. ආදරය කියන එක විවිධාකාරව මට දැනෙන්නේ. අපි පොඩි කාලයේ මවුපියන්ගේ ආදරය ලබනවා. ඉන් පස්සේ පාසල් ගුරුවරුන්ගේ ආදරය ලැබෙනවා. ඊට පස්සේ විරුද්ධ ලිංගිකයන්ගේ ආදරය බලාපොරොත්තු වෙනවා. ඒක හරි සාපේක්ෂයි. නමුත් මම හිතන්නේ ආදරය කියන එක කොයි වෙලාවෙත් නැතිවෙන දෙයක් නොවෙයි කියලයි. ආදරය හරියට හබරල කොළයකට වැටෙන වතුර බිංදුව වගෙයි. කොයි වෙලාවේ වැටෙයිද කියා දන්නේ නෑ. මට දැනෙන්නේ එහෙමයි.  

 


ඔයාට මුලින්ම විරුද්ධ ලිංගික අයකුගේ ආදරයක් ඇතිවුණේ පාසල් යන කාලයේ නේද?  
ඔව්. එතකොට මට අවුරුදු 16ක් විතර ඇති. ඒක ආදරයක්ද කියා මට වැටහෙන්නේ නෑ. නමුත් කෙනෙක් දකින්න තිබෙන කැමැත්ත, ඔහුත් එක්ක කතාකරන්න තිබෙන ආසාව තමයි එතැන තිබුණේ. ඒක ආදරයද කියලා කියන්න මා දන්නේ නෑ. නමුත් පාසල් කාලයේ කෙනෙක් නිතර දකින්න ආසාවක් තිබුණා. මම හිතන්නේ එ්ක වෙන්නැති විරුද්ධ ලිංගික අයකුට මුලින්ම මට ආදරයක් ඇති වුණේ කියලා.  

 


ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම් තවමත් ඔබට මතක ඇති නේද? ඔයා තෑගි එහෙමත් දුන්නාද? ඔහු මොනවද ඔයාට දුන්නේ?  
ඒ ප්‍රේමය ලොකුවට එතරම් දුරදිග ගියේ නෑ. අපි දෙන්නා අතර සම්බන්ධතාවක් ඇති වුණේ නෑ. එක් ගොඩක් වෙලාවට දැකීමක් විතරයි. එයා එයාගෙ පොතක ලියුමක් දාලා මට එව්වා මතකයි. ඒක මම දැක්කෙත් නෑ. එ්‍ ලියුම මම දකිද්දී කාලය ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ප්‍රථම ප්‍රේමය එහෙම ලොකුවට මට දැනුණේ නෑ.   


එක පාරක් මගේ බර්ත්ඩේ එකට පාසලේදී රෝසමල් ටිකක් ලැබුණා. ඒක කවුද එව්වේ කියලා අදටත් මම දන්නේ නෑ. මම හිතනවා ඔහු තමයි ඒක එවලා තිබුණේ. ඒ මල් ටික හින්දා ප්‍රින්සිපල්ගෙන් දෙතුන් දෙනෙක් ගුටිකෑවා. කවුද එව්වේ කියලා දන්නේ නැති හින්දයි සැක සිතුණු දෙතුන් දෙනෙක් ගුටි කෑවේ. අපි දෙන්නා අතර එ​ෙෆයාර් එකක් තිබුණේ නැති හින්දා මම මුකුත් දුන්නේ නෑ. ඒක එතනින්ම ඉවර වුණා. අන්තිමට තමයි දන්නේ එ් මල්ටික ඔහු මට එවලා තිබෙන බව.  

 


පාසල් අවධියෙන් පස්සේ ඔයා රංගනයට එක්වුණා. එතනදී ගොඩක් දෙනා ඔයාට ආදරය කරන්න පටන්ගන්න ඇති නේද? එවැනි මතක තිබෙනවාද?  
රඟපාන්න ආවට පස්සේ මුලින්ම ටෙලි නාට්‍ය 2-3ක විතරයි රඟපෑවේ. ඒ කළ එක ටෙලිනාට්‍ය්‍යකදී තමයි චන්න අයියා (ජනප්‍රිය නළු චන්න පෙ​ෙර්රා) මට හමුවුණේ. මම සාමාන්‍ය පෙළ කරලා, නිවාඩුවට තමයි ටෙලි නාට්‍යයේ රඟපෑවේ. ඉතිං ඒ හමුවීමත් එකක් මට වෙන ආදරයක් ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. විඳින්න වෙලාවක් තිබුණේ නෑ.   

 


චන්න ගැන ඔයාට ආදරයක් ඇතිවුණේ ඇයි?  
එහෙම ලොකු ආදරයක් අපි දෙන්නා අතර ඇතිවුණේ නෑ. අපි දෙන්නා හඳුනාගෙන යාළුවෝ වගේ ආශ්‍රය කළා. නමුත් එයා, ඔහුගේ ගෙදර අයගෙන් අහලා ඉවරවෙලා තමයි මගෙන් අැසුවේ බඳින්න කැමතිද කියලා. මම එ් වෙලාවේ ලොකු දෙයක් ගැන හිතන්නේ නැතිව ටිකක් කල්පනා කරලා ‘කැමතියි’ කියලා කිව්වා. ඒ ඇරෙන්න අපි දෙන්නා අතර ලොකු ආදරයක් තිබුණේ නෑ. අපි​ පෙම්වතුන් විදියට මල්ගස් වටේ ආදරය කළේ නෑ. හඳුනාගෙන මාස 6ක් වගේ කාලයක් තුළ අපි විවාහ වුණා.  

 


ප්‍රේමයක් ඇතිවූ විට එය විවාහයකින්ම කෙළවර කරගන්න ඕ​ෙන් කියලා ඔයා එදා සිතුවාද?  
එහෙම නම් නෑ. ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියා හිතන්නේ නෑ. අාදරය ඇති වෙනවා. නැති වෙලා යනවා. සමහර වෙලාවට විවාහයත් සමඟ ඒ ආදරය ගොඩාක් අඩුවෙලා යනවා. ළඟට ගන්නකම් විතරයි මේ හැම දෙයකම වටිනාකම තිබෙන්නේ කියලා ගොඩ දෙනෙක්ට වැටහෙනවා. ඈතින් තිබෙනකොට ඒ වටිනාකම වැඩියි. ළඟ තිබෙනකොට වටිනාකම අඩුයි. මා හිතන්නේ එහෙම තමයි.   

 


●විවාහයෙන් පස්සේ ඔයාට සිතුණද, ඔයා බලාපොරොත්තු වූ ආදරය ලැබුණා කියලා.  
නෑ. ඇත්තටම නෑ. මම හිතන්නේ ලොකු ෆ්රේම් එකක් ඇතුළේ ඉඳගෙන ආදරය කළේ නෑ. ෆ්රේම් එකක් ඇතුළේ ඉඳන් මෙච්චර ආදරයක් ලැබෙයි, මෙච්චර රැකවරණයක් තිබෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ. නමුත් සමහර වෙලාවට අපට ගොඩක් අතපසුවීම් වෙනවා. බලාපොරොත්තු වූ දේවල් නැති වෙනවා. එ් නිසා මම ඒවා ලොකුවට සිතුවෙත් නෑ. හෝප් තියාගත්තෙත් නෑ. ලොකු පසුතැවිල්ලක් මට තිබුණෙත් නෑ. අපි බලාපො​ෙරාත්තු වූ ආදරය කාගෙන්වත් ලැබෙන්නේ නෑ කියලයි මම නම් දන්නේ.....   


විවාහයෙන් පස්සේ ​ෙවනත් පුද්ගලයන් ද ඔබේ ඇසුර බලාපොරොත්තුවෙන් ආවා නේද?  
මෙහෙමයි. විවාහත් එක්ක මම ගොඩක් වෙලාවට එළියට ගියේ නෑ. ගෙදර ඇතුළට වෙලාමයි හිටියේ. මුලින් මට තනියෙන් ගමනක් යන්න දන්නේ නෑ. වාහනයක් එළවන්න දන්නේ නෑ. ඒ හැමදේම තිබුණා. ගෙදරට හිරවෙලා මම හිටියේ. යම් යම් කාලයක් යනවිට මට ඒ දේවල් තනිනේ කරන්න සිද්ධ වුණා. ඒ කාලය වනවිට, ප්‍රශ්න ඇති වන විට ගොඩක් වෙලාවට එවැනි සම්බන්ධතා ඇතිවෙන්න ගියා, නමුත් එහෙම වුණේ නෑ.  

 


ඔයා චන්නට අමතරව නළුවන් දෙන්නකුට ආදරේ කළ බවයි මට ආරංචි වුණේ. ඇත්තද ඒ කතාව?  
ඒක ගොඩක් කාලයකට පෙර සිද්ධ වූ දෙයක්. ඔක්කොම හරි හිතවත් අය. කා එක්කවත් මම තරහා නෑ. කිසිකෙනෙක් ඒකක තරහ වෙන්න හේතුවක් නෑ. ප්‍රශ්න ඇති කරගන්න ඕනෙත් නෑ. සාමාන්‍ය විදිහට මේ අය මම අසුරු කළා.  

 


ඒ දෙන්නා බලාපොරොත්තු වුණේ ඔයා විවාහ කරගන්නද? නැත්තම් වෙනත් බලාපොරොත්තුවක්ද?  
ඒක මෙහෙමයි. අපි යාළුවෝ වගේ ඉන්න ඇති. ඒ යාළුකම ටිකක් කල් යනකොට වැඩිවෙන්න අැති. එතනදී සමහර තැන්වලින් ලැබෙන හිතවත්කම් ආදරය නැතිවෙනකොට, එහෙමත් නැත්නම් අඩුවන විට එය ඔවුන්නේ පිරවෙන්න ඇති. එයා දන්නවා මම නයනා එකක් (ජනප්‍රිය නිළි නයනා කුමාරි) ලොකු යාළුකමක් තිබෙනවා. ඒ යාළුකම වගේ තමයි මේ යාළුවොත්. මම ඒ නළුවන් දෙන්නට ආදරේ කළා නොවෙයි. ගොඩක් හිතවත්කමක් තිබුණා කියලයි මම කියන්නේ.   

 


ඔයා එහෙම සම්බන්ධතා තියාගත්ත එක නළුවෙක් හින්දා ප්‍රශ්නයක් පවා පසුගියදා ඇතිකරගත්තා නේද?  
පසුගිය දවස්වල ඒ වගේ දෙයක් සිදුවුණා තමයි. මම මේ වෙලාවේ කාටත් දොස් පවරන්න කැමති නෑ. මම ඇත්තටම පසුතැවිලි වෙනවා. මාධ්‍යයට ඒක දෝලනය වූ හැටි ගැන. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්. මාධ්‍ය එය අනවශ්‍ය විදියට උලුප්පා පෙන්වන්න හැදුවා. අපි දෙන්නා එකට වැඩ කළා. එකට ගමන් බිමන් ගිහින් තිබෙනවා. ගොඩක් වෙලාවට අපි දෙන්න ළඟින් ඇසුරැ කළා. ඒක යාළුකමකට එයා ගිය දෙයක් ලෙසට මාධ්‍යවලින් ප්‍රකාශ කළා. ඒ නිසා එයාත් මාත් අතර වෙන ප්‍රශ්නයක් ඇති වුණා. අපි දෙන්නා අතර තිබූ සුහදත්වය නැතිව ගියා. නමුත් එ්ක එහෙම වෙන්නේ නෑ.  


අද වන විට අපි දෙන්නා බොහොම හොඳ යාළුවෝ විදිහට ඉන්නවා. ඒක අපිට වඩා ඕනෑ වුණා වෙනත් විදිහකට අනෙක් අයට දන්වන්න. මා හිතන්නේ ඒක අනවශ්‍යයි කියලයි. ​ගොඩක් අයට (මා ඉන්න ක්ෂේත්‍රවල) ප්‍රශ්නයක් ලෙස ඒක ඉස්මතු කරන්න අවශ්‍යතාවක් තිබුණා. මට අදාළ නෑ. නමුත් අනෙක් අයට ඒකේ ලොකු රහක් තිබුණා. ඒ හින්දා තමයි ඒක මෙතරම් දුර දිග ගියේ.  

 


මේවා ගැන ඔයාගේ සැමියා වන චන්න දැනගත්තාම මොකද කිව්වේ?  
ඇත්තටම ඒ පිළිබඳව මම එයත් එක්ක කතා කළේ නෑ. කතා කරන්න ඕනේ කියන තැන මම හිටියෙත් නෑ. චන්න අයියා හිටියෙත් නෑ. මොකද අපිට වඩා ගොසිප් ප්‍රචාරය වුණානේ. ඉතිං අපට අහන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒ නිසා මේ ගැන අපේ ගේ ඇතුළේ කිසිම කතාබහක් ඇතිවු​ෙණ් නෑ. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑ.  


චන්නයි ඔයයි අඹු සැමියන් වුවත්, ඔය දෙන්නා අතර එතරම් සුහදත්වයක් නැති බවයි ප්‍රචාරය වී තිබෙන්නේ. ඒ හින්දද මේ ප්‍රශ්න ගැන කතා නොකරන්නේ. ඇත්තටම ඔය දෙන්නා සුහදත්වයකින් නොවෙයිද පවුල් ජීවිතය ගත කරන්නේ?  
මාධ්‍යයට වඩා සමාජ වෙඩ් අඩවි තමයි ​මේවා ප්‍රචාරය කරන්නේ. අපේ පෞද්ගලිකත්වය මිනිස්සු දැනගන්න ඕන ප්‍රමාණයක් තිබෙනවා. එතනින් එහාට ගිහින් අනවශ්‍ය විදිහට අපේ පෞද්ගලික දේවල් මිනිස්සු අතරට යනවානම් සහ මිනිස්සු ඒක ගන්න විදියේ වෙනසක් තිබෙනවා නම් ප්‍රශ්නයක් තමයි. අපි දෙන්නා කොතනට හරි එකට ගියොත්, අන්න දෙන්නා එකතු වෙලා. අපි දෙන්නා තනි තනියෙන් තැන් දෙකකට ගියොත්, අන්න බලන්න දෙන්නා තැන් දෙකක ඇවිත් වාඩිවෙලා ඉන්නවා කියනවා. මේක වෙන්න බැරිද? සාමාන්‍ය පවුලකට මෙහෙම වෙන්න බැරිද? නමුත් අපි ජනප්‍රිය නිසා මිනිස්සුන්ට පේනවා වැඩියි.  


අපි ගැන කතා කරන්න මිනිස්සු ආසයි. පොඩි පොඩි දේවල් ‘ක්‍රි​ෙය්ට්’ කරන්න ආසයි. අපි දෙන්න ගෙදර ඉන්නේ තට්ටු දෙකක කියනවා. කාමර දෙකක කියනවා. එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. කාටවත් ඒක වැඩක් නෑ. එහෙම ඉන්න ෆැමිලි ඕන තරම් ඉන්නවා. ගොසිප් අපේ ක්ෂේත්‍රයේ හරියට තිබෙනවා. අපි ක්ෂේත්‍රයේ වෙනත් නළුවෙක් එක්ක කොහේ හරි ගියොත්, හරි ළඟින් හිටියොත් හරි ලොකු ප්‍රශ්නයක් වෙනවා.   


අද ඔෆිස්වල කොච්චර නරක සම්බන්ධතා තිබෙනවාද? නමුත් එ්වා කතා කරන්න කවුරුවත් නෑ. ඒවා ඒක ඇතුළට සීමාවෙනවා. ඒ අය තමයි අනෙක් අයට කතා හදන්නේ. මම දකින විදිහට ​ඕනෑම කෙනෙකුට නිදහස තියෙන්න ඕනෑ. එහෙම තිබෙන නිදහසට බාධා කරන්න වැරැදියි.  

 


ඔයාට වඩා වයසින් අඩු අය ගැන නේද ඔබට ආදරයක් ඇති වුණේ?  
ඔව්. එතනදී මොකක්ද වුණේ කියලා කියන්න මම දන්නේ නෑ. අපි සමහර වෙලාවට සම්බන්ධකම් ඇති කරගද්දී කිසිම කෙනකුගේ සවිස්තරාත්මක විස්තරයක් අපි දන්නේ නෑ කියලා මා හිතන්නේ. අපි පසුකාලීනව තමයි ඔවුන් හඳුනාගන්නේ. ඔවුන් කුමන පරිසරයකද ජීවත්වෙන්නේ? ඔවුන්ගේ සිතුම් පැතුම් මොනවාද? මොනවගේ අතීතයක්ද ඔවුනට තිබිලා තියෙන්නේ? කියන ඒවා අපි පස්සේ තමයි දැනගන්නේ. මුලින්ම එකවර හඳුනාගන්නවා.  


ඕනෑ කෙනෙක්ම එහෙම තමයි. විවාහයත් ඒ වගේ තමයි. වෙනස් වූ පරිසර දෙකක, වෙනස් වූ සිතුම් පැතුම් දෙන්​ෙනක් එක ගෙදරකට ගෙනල්ලා දැම්මාම, ඔවුන් ජීවත් විය යුත්තේ ​ෙදන්නාගේම සිතුවිලි එක්ක. එතනදී තමයි හඳුනාගන්නේ.  


ආදරය කරද්දී ඔය දේවල් බලන්නේ නෑ. අපි පස්සේදී තමයි එකිනෙකාගේ සිතුම් පැතුම් හඳුනාගන්නේ. මේක නිකම් වචනයක් විතරයි. මම විතරක් නොවෙයි මෙවැනි දේවලට පැටලුණු ලංකාවේ ගත්තත් අපේ ක්ෂේත්‍රයේ ගත්තත් මේ වගේ දේවල් තමයි වැඩියෙන් සිද්ධ වෙන්නේ. ඒක හින්දා එය නරක වචනයක් කියලා මම හිතනවා.  

 


මෙවැනි ප්‍රශ්නවලට ඔයා යොමු වන්නේ රූමත් බවත් ඔයාගේ ඇති ආරක්ෂණයත් නිසා නේද? ඔවුන් ඔබෙන් රාගයද, ආදරයද බලාපොරාත්තු වෙන්නේ?  
මාර ප්‍රශ්නයක් ඇහුවේ. එ්ක මම දන්නේ නෑ. ඕක සැර වැඩි නැද්ද? මෙහෙමයි. මම දන්නේ නෑ ඒක. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මම එහෙම කාටවත් ‘යූස්’ කරන කෙනෙක් නොවෙයි. මම එ​ෙහම කරලා නෑ, මේ ලෝකයේ විවිධාකාර ගැහැනු, පිරිමි ඉන්නවා. සමහර අය එවැනි දේවල් කරනවා ඇති. මම ඒ ගණයේ කෙනෙක් නොවෙයි. මම සාමාන්‍යයෙන් ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ආදරය ලබන්න ආසයි. ඒ හැමදේම තිබෙනවා. ඒ අතරේ යම් වෙනසක් ඇරෙන්න ආදරයට ආදරයක කරනවා.  


ඕනෑම කෙනෙක්ගේ හිත යන්නේ ඔහුගේ පෙනුමට හා කතාබහටයි. ඒතනින් එහාට තමයි අනෙක් හැමදේම. මම දන්නේ නෑ, මට පිට අය ගැන කියන්න දන්නේ නෑ. සමහරවිට එහෙම වෙන්නත් ඇති. මටත් එවැනි ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. අපි ක්ෂේත්‍රයේ මට එක එක දේවල් කියූ අයත් ඉන්නවා. ඒ අයට එවෙලේම කරන්න ඕනෑ දේවල් එවෙලේම මම කියා දීලා තිබෙනවා. මට ඒකට උත්තර දෙන්න තේරෙන්නේ නෑ.   


මම හරිම විවෘතව කතාකරන කෙනෙක් කිසිම කෙනෙක් එක්ක රණ්ඩුවට යන කෙනෙක් නොවෙයි. හොඳට තේරුම් කරලා දීලා, මම එහෙම කෙනෙක් නොවෙයි කියලා එහෙම කතා කරපු අය ඉන්නවා. කතා නොකරපු අයත් ඔවුන්ගේ හැසිරීමෙන් එය තමයි අවශ්‍ය බව මට වැටහිලාත් තිබෙනවා.   


ඔයත් එක්ක ජනප්‍රිය නිළි නයනා කුමාරි හොඳ සම්බන්ධකමක් තියාගෙන හිටියා. ඇයත් රූපලාවන්‍ය ශිල්පිනියක්. ඔබ දෙදෙනාගේ මේ සම්බන්ධය ගැන සමාජයේ පැතිර ගියේ වෙනත් කතාවක් විදිහටයි. මොකක්ද ඔය දෙන්නාගේ මේ සම්බන්ධය?  
අයියෝ, කොයි තරම් නරක විදියටද එය ප්‍රචාරය වෙලා තිබෙන්නේ. ඇත්තටම යහම්පත්, මට ලොකු කලකිරීමක් ඇතිවෙනවා. ගොඩාක් වෙලාවට අපි දෙන්නා එකටමයි හිටියේ. දෙන්නාම ක්ෂේත්‍රයට ආවේ එකටමයි. අපි දෙන්නාම එතකොට වයසින් අඩුයි. ඇවිල්ලත් දැන් අවුරුදු 20ක් විතර වෙනවා ක්ෂේත්‍රයට. අපි දෙන්නා හොඳ යාළුවෝ. දුකේදීත්, සැපේදීත් අපි දෙන්නා එකටම හිටියා. ඒ යාළුකම ගොඩාක් අයට උහුලන්න බැරි වුණාම, එක එක කතා හැදුවා. පසුගිය කාලයේ මේක නිකම් පැෂන් එකක් බවට පත්වුණා.  


අපි දෙන්න එක විදිහට ඇන්දාම, එක විදිහට ගිහින් ඉන්නකොට, එක තැන දෙන්නා ඉන්නකොට හැමෝම කතා කරන්න ගත්තා. ඒක පැෂන් එකක් බවට ඔවුන්ගේ පත්වුණා. ඒක හරි ජොලි. අපි දෙන්නට ඔය දේවල් වැඩක් නෑ. අපි දෙන්න කන්නේ බොන්නේ කොහොමද, ජීවත් වෙන රටාව ගැන කවුරුත් දන්නේ නෑ. මතුපිටින් අතපතගාලා මිනිසුන්ගේ ජීවිතවල එක එක කතා හදනවාට මම නම් ඇත්තටම දුක් වෙනවා. මම ඒ අය ගැන දුක්වෙනවා. මා ගැන සතුටු වෙනවා.  

 


ඔයාගේ නමක් ගෑවෙන තැනක් හොඳ ගොසිප් එක්ක බවට පත්වෙලා නේද?  
ඇත්තෙන්ම ඔව්. මා ළඟ මොකක්ද මේ තිබෙන ආකර්ෂණය නේද? පසුගිය කාලයේ වෙබ් අඩවි මා ගැන හැසිරුණු ආකරය ගැන මට කියන්නේ තිබෙන්නේ දුකක් කියලයි. කමක් නෑ ඔවුන් එහෙම හැසිරුණාට. ඔවුන් කන්නේ ​ෙබාන්නේ මගේ නම විකුණලා නම්, එ්ක මට පිනක් එයින් මට පින් ලැබෙන බවයි මා හිතන්නේ.  

 


දැන් ඔයාත් නයනාත් එතරම් හොඳ යාළුවෝ ​ෙනවෙයි කියලයි ප්‍රචාරය වෙන්නේ. ඇත්තටම දෙන්නා අතර විරසකයක් තිබෙනවාද?  
කවුද කියන්නේ අපි දෙන්නා යාළුයි, තරහයි කියලා. එහෙම නෑ. අපි දෙන්න තරහ කරන්නෙත් ඒ වෙබ් අඩවිමයි. යාළු කරන්නෙත් ඒ අයමයි. අපි දෙන්නා අතර සම්බන්ධයක් තිබෙනවා කියන්නෙත් ඒ ගොල්ලොමයි. ඇත්තටම ඒවා අපි දෙන්නාටම අදාළ නෑ. එහෙම කියලා අපි දෙන්නා හරිම ආදරයෙන් අදටත් ඉන්නවා කියලා පත්තරවල ආටිකල්ස් දාගන්න ඕනේ නෑ. අපි දෙන්නා අපේ වැඩ කරගෙන ඉන්නවා. එච්චරයි.   

 


●විවාහ දිවිය ගැන දැන් ඔයාට මොකද හිතෙන්නේ?  
විවාහය කියලා කියන්නේ මම දන්නේ එක වචනයයි. විවාහය කියන්නේ හරියට ගත්තොත් දරුවන් ලැබීමට දනෙ ලයිෂන් එකක් විතරයි කියලයි. එච්චරයි කියන්න තිබෙන්නේ. වෙන මොකුත් කියන්න දෙයක් නෑ.  

 


ජීවිතය ගැන ඔයා දුකෙන්ද ඉන්නේ? ඔයා පසුගිය කාලයේ මේ රට අත්හැරලා යන්න හැදුවා නේද?  
මම ජීවිතය ගැන උපේක්ෂාවෙන් බලන කෙනෙක්. ඒ හින්දා මම සිහින කුමාරවරු පස්සේ යන්නේ නෑ, ගොඩක් වෙලාවට මිනිසුන්ට තනියෙන් ඉන්න බැහැ. එහෙමයි කියලා වෙන අය අල්ලාගන්න යන්නේ නෑ. පසුගිය කාලයේ වූ සිදුවීම් එක්ක හා මම හිටිය ආකාරය ආදී හැම එකක් එක්කම, මේ රටේ ඉන්න එක මට චුට්ටක් එපාවෙලා තිබුණා. ඒක දැඩි ලෙස තිබුණා. මම යන්න හිතලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. කාලයක් ගියා පසුගිය දිනවල එය තදින් දැනුණා.  


මම දන්නේ නෑ, මට එහෙම ගිහිල්ලා ඉන්න වුළුවන් වෙයිද කියා. එ​ෙහම තවම ලොකු තීරණයක නෑ රට අතහැරලා යනවා කියලා. මම හෙට දවස ගැන කිසිම දෙයක් දන්නේ නෑ. අද ගැන විතරයි මම හිතන්නේ.  


ඇය විවෘත ලෙස තම අදහස් පළකළේ සමාජයේ පැතිරී තිබෙන සමහර කාරණාවලට උත්තර ලබාදීමේ අරමුණින් බව මට වැටහුණි. ගයාත්‍රී ආදරයට දැඩි ලෙස ආදරය කරන කෙනෙක් නිසා, ප්‍රශ්නවලට ඇය හිතැතින්ම ගොදුරුවන බවද මෙයින් පැහැදිලි වන කරුණකි. ඇයගේ නම කොතැනද එතැන ගොසිප් එකක්මය. ඒ තමයි ගයාත්‍රීගේ ආකර්ෂණය. එහෙම නේද කියලා ඔබත් හිතට එකඟව සිතුවොත් ඔබටත් වැටහෙනු ඇත.  


සටහන් කළේ 
සමන්ත යහම්පත්