ගාන්ධර්වගේ රථයට ක්‍රිෂ්ණ යටවෙයි


භාරත දේව සභාව

 

 

භාරත දේව සභාව නන් විධ දෙවිවරුන් ගෙන් සහ දේවතාවන්ගෙන් සැදුම් ලද්දකි. එහි වෙසෙන ක්‍රිෂ්ණ සහ අර්ජුන යනු එකම දවසක ජන්ම ලාභය ලද දෙදෙනෙකි. එම නිසාම ඔවුන් අතර හටගත් මිත්‍රත්වය කිසිසේත් බිඳිය නොහැකි විය. එහෙත් එක්තරා දවසක ඔවුන් දෙදෙනා සටනකට අවතීර්ණ වූහ. ඒ කෙසේද?   


අද භාරත දේව සභාවෙන් ඇරඹෙන්නේ අන්න ඒ කතාවයි.  
 
තම අශ්ව කරත්තයට නැඟ ​ෙව්ගයෙන් ගමන් බිමන් යෑම ගාන්ධර්ව ගායන්ගේ විනෝදාංශයයි. එක්තරා පැහැපත් උදෑසනකද ඔහු තම අශ්ව කරත්තයට නැග්ගේ දෙව් ලොව උදෑසන අසිරි දකින්නට යනු පිණිසය.  
 
“යමු පුතා.”   


තම අශ්වයන්ට පැවසූ ගායන් කරත්තයේ ඇන්ද සහ අශ්වයන්ගේ සැඳෑලය තදින් අල්ලාගත්තේය.   


කරත්තය යමින් තිබුණේ ද්වාරකා නගරය ඔස්සේය. එක්වරම කලබල වූ අසුන් දෙදෙනා පාරෙන් ඉවතට පැන්නහ. කරත්තයේ ඇන්ද තදින් අල්ලාගෙන සිටි ගායන්ට ඒ සමගම දකින්නට ලැබුනේ පාර හරහා ඇදවැටුණු යම් කිසිවෙකි.   


“ඔහොමද යකො පාරෙ යන්නේ?”   


බිම වැටුණු තැනැත්තා නැගිට කෑ ගැසුවේය.   


සිදුවූ කිසිවක් හරිහැටි පැහැදිලි නොවූ ගායන් හැරී බැලුවේය. ඔහු ඉදිරියේ සිටගෙන සිටියේ ක්‍රිෂ්ණය.   


“ආ උඹද? මහ ​ලොකු ගාන්ධර්වයා ඔහොම ඉගිල්ලිලා පාරවල්වල යන්න කව්ද ලයිෂන් දුන්නේ.”   


ක්‍රිෂ්ණ ගායන් වෙත එමින් කීවේය.   


ද්වාරකා නගරයේ පාලක ක්‍රිෂ්ණ වූ කලී දේව සභාවේ බලවන්තයෙකි. ඔහුගේ යෝධ බලය හමුවේ ගායන් යනු කුරුමිට්ටෙකි. වහාම ක්‍රිෂ්ණ ඉදිරියේ දණ නැමූ ඔහු සමාව ඉල්ලා සිටියේය.   
“සමාවෙන්න?”


“කොහොමද සමාව දෙන්නේ? මගෙ මන්දිරය ඉස්සරහින් යනකොට බොහොම පරිස්සමට හෙමින් යන්න ඕනැ බව දන්නේ නැද්ද?”   


“මම ඔබතුමාව දැක්කේ නෑ.”   


“ඉගිල්ලිලා යනකොට මුකුත් පේන්නේ නැහැනෙ. උඹට මම තව මොහොතක්වත් ජීවත් වෙන්න ඉඩ තියන්නේ නෑ. ඔව්. මම උඹව මරනවා.”   


ක්‍රිෂ්ණ කෝපයෙන් බෙරිහන් දුන්නේය.   


ක්‍රිෂ්ණ ඇත්තටම කියන දේ කරන නපුරකු බැවින් ඔහු, තමා මරණයට පත්කරන බව කියන්නේ බොරුවට නොවන බව ගායන් දැන සිටියේය. එබැවින් වහාම තම කරත්තයට නැග අසුන් පන්නවන්නට ඔහුට සිදුවිය.   
හිමිදිරි උදයේ දෙව් ලොව සිරි නරඹමින් ​වේගයෙන් පියාඹන්නට ගිය ගායන් ගේ පපුව ගැහෙන්නට විය. ඔහු හිස හරවා පසුපස බැලුවේ ක්‍රිෂ්ණ ඔහු ලුහුබඳින්නේද කියාය.   


මේ මොහොතේ නැතත් කොයි මොහොතක ​ෙහා් පැමිණ ඔහු තමන්ගෙන් වාඩුව ගන්නා බව ගායන් කල්පනා කළේය.   


“ක්‍රිෂ්ණ එක්ක හැප්පෙන්න පුළුවන් දෙවියකුගෙන් පිහිටක් ඉල්ලන්න ඕනෑ.”   


එසේ තීරණය කළ ගායන් අමරාවතී නගරයට සේන්දු විය. අමරාවතී මන්දිරය වූ කලී දෙව්ලොව මහ දෙවියා වන ඉන්ද්‍රගේ මන්දිරයයි.   


“ඉන්ද්‍ර කියන්නෙ මහ දෙවියා නිසා එයා කියන දෙයකට ක්‍රිෂ්ණ අවනත වේවි.”   


ගායන් තමන්ටම කියා ගත්තේය.   


තම මැදුරෙන් එළියට පැමිණ උයන් සිරි නරඹමින් සිටි, ඉන්ද්‍ර, තමන් වෙත එන ගායන් දුර තියාම දුටුවේය.   


“ඉන්ද්‍ර, ඉන්ද්‍ර, මට උදව් කරන්න පුළුවන්ද?   


ඉහින් කනින් දාදිය පෙරාගෙන සිටි ගායන් යම් කිසිවකට බියවී සිටින බව ඉන්ද්‍රට පසක් විය.   


“මොකද වුණේ ගායන් මොනවටද බය වුණේ?”   


ගායන් හති දමමින් මොහොතක් බලා සිටියේය. ඉනික්බිති ඔහු හිමිදිරියේ සිදුවූ සියල්ල ඉන්ද්‍ර හමුවේ පැවසුවේය.   


ඉන්ද්‍රගේ ඇස් දෙක භ්‍රමණය වන්නට පටන් ගත්තේය. ගායන් සහ ක්‍රිෂ්ණ අතර සිදුවන ගුටි හරඹය ඉන්ද්‍රගේ ඇස් වල සිත්තම් විය.   


“ඔබ කියන්න හදන්නෙ ඔබත් ක්‍රිෂ්ණත් අතර සටනක් ඇතිවන බවද?”   


ගායන් හිස සෙලෙව්වේය.   


“අපොයි නෑ. මට එයා එක්ක සටන් කරන්න බැහැ. ඔහු මා මරා දමන බවයි පැවසුවෙ.” 

 
ඉන්ද්‍ර, ගායන් දෙස බලා සිටියේය.   


“නමුත් මේ වෙලාවෙ ඔබට පිහිටට කිසිවෙක් එන්නේ නැහැ.”   


ගයාන් ඉන්ද්‍ර කී​ෙව් සිහින් ස්වරයකිනි. 

 
ඉන්ද්‍ර දෙස බැලුවේ බියපත් දෑසිනි. 

 
“ඒත් ඔබ දෙවියන්ගේ රජු. ඔබට පමණයි මට පිහිට විය හැක්කේ.”   


ගායන් යළිත් කීවේය.   


“ගායන් ඔබ දැන් ක්‍රිෂ්ණ හමුවට යන්න. ගිහින් සිදුවූ දේ අමතක කර දමන ලෙස ඉල්ලා සිටින්න. මට විශ්වාසයි, ඔහු ඒ සිදුවීම අමතක කර දමනවා.”   


ගායන් හිස සැලුවේ එය කිසිසේත් කළ නොහැකි බව අඟවමිනි.   


“ක්‍රිෂ්ණ මා සමග කෝපයෙන් පසුවන්නේ. මම ඔහු සමග කතාවට ගියොත් අනිවාර්යයෙන්ම ඔහු මා මරා දමනවා. ඒ නිසා මම නම් කොහොමටත් යළිත් ඔහු වෙත යන්නේ නැහැ”   


තමන්ටම කියාගත් ගයාන් ඔහුගේ අශ්ව කරත්තය වෙත ගමන් කළේය.   


ඉන්ද්‍ර එවර ගායන්ගේ පිටුපස ගමන් කළේය. “ගායන් කියන දේ අහන්න. ඔබ ක්‍රිෂ්ණ වෙත ගිහින් යළිත් සමාව ඉල්ලන්න. ඔහු ඔබට සමාව දෙනවා නියතයි.”   


ගායන්, ඉන්ද්‍ර දෙස හැරී බැලුවේය.


“ඔබ ක්‍රිෂ්ණ සමඟ සටන් කරන්න බයනම් මම ඔහු සමඟ සටන් කළ හැකි බලවත් දෙවියෙක් සොයාගෙන යනවා. මට කියන්න එපා ක්‍රිෂ්ණ වෙත යන්න කියා.”   


අශ්ව කරත්තයේ හරිබරි ගැහී වාඩි වූ ගායන් තමන්ට පිහිට විය හැකි ක්‍රිෂ්ණට බය නැති ඔහු හා සටන් කළ හැකි දෙවියකු ගැන කල්පනා කරමින් අසුන් පැන්නුවේය.   


ඔහුට කෛලාෂ පර්වතය පසෙකින් පෙනුණේ ඒ අතරතුරය.   


“ආ ශිව​ මැදුර.. ඔහුට තමයි ක්‍රිෂ්ණ සමඟ සටන් කළ හැකි හොඳම කෙනා.. මම යනවා ඔහුගෙන් පිහිටක් ඉල්ලන්න.”   


තමන්ටම කියාගත් ගායන් කෛලාෂ පර්වතයට අශ්ව කරත්තය හැරෙව්​ෙව්ය. ශිවගේ මැදුර අභියස එය නතර කළ ඔහු මැදුර දෙසට ඇවිද ගියේය. ශිව දුටු වහාම ඔහුගේ දෙපා නැමදගත් ගායන් දණින් වැටුණේය.   
“උතුමාණනි, ඔබට පමණයි මා බේරාගත හැක්කේ” ගායන් කීවේය. 

 
සිදුවූ සියල්ල තේරුම් ගත් ශිව ගායන් ගේ උරහිස් මත ​ෙද‌ා්තම තැබුවේය.   


“නෑ ගායන්, මට ඔබට උදව් කිරීමට පුළුවන්කමක් නැහැ.”   


“අනේ උතුමාණනි. එසේ පවසන්න එපා. මම දන්නවා ඔබට පමණක්ම මට පිහිට විය හැකි බව මේ මොහොතේ ​ඔබ මට උදව් නොකළොත් යළි කිසි දවසක ඔබට මා දකින්නවත් ලැබෙන්නේ නෑ”   


ගායන් කීවේ බියෙන් ගොතගසමිනි.   


ශිව සිනාසුණේය.   


“පුතා, ක්‍රිෂ්ණ වෙත යන්න. ඔහු ඔබට සමාව දෙනවා”


ගායන් දෙපසට හිස සැලුවේය.   


“උතුමාණනි, ක්‍රිෂ්ණ පැවසුවා මා මරා දමන බව”   


“නමුත් කළ හැකි එකම දෙය එය පමණයි පුතා.”  


ගායන් කෛලාෂ පර්වතයෙන් නික්මුණේ කළ යුත්තක් නොදැනය. යළිත් අශ්ව කරත්තයට නැඟුණු ඔහු එය හෙමින් හෙමින් ඉදිරියට පැදෙව්වේය. එක් වරම අඳුරු වළාකුළක් ඔහු පසු කර ගියේය. ඒ සමඟම ඔහුට ඇසුණේ. “නාරායන නාරායන” යනුවෙන් ගීතවත්ව ගැයෙන හඬකි.   


අශ්ව කරත්තය නතර කර ඉන් බැස ගත් ගායන් අර අඳුරු වළාකුළ දෙසට ගියේය. එතැන සිටියේ නාරද ඉසිවරයාය. දඟකාර හිතුවක්කාර ඉසිවරයකු වු නාරද යනු නාරායනගේ භක්තිවන්තයෙකි. ඔහු කොතැනකට ගියත් යන්නේ නාරායනගේ නම ගීතවත්ව මුමුනමිනි.   


නාරද ගායන් දෙස බැලුවේ නොසැලකිලිමත් ලෙසය.   


“මොකද ගායන් ඔබ ගැටලුවකට මැදිවෙලා වගේ.”   


“එහෙමයි” ගායන් කීවේය.


අනතුරුව, සිදුවූ සියල්ල නොවලහා නාරද සමග පැවසූ ගායන්, නාරදගෙන් උපදේශයක් ඉල්ලා සිටියේය.   


“හැබැයි ආපහු ක්‍රිෂ්ණ වෙත යන ලෙස නම් පවසන්න එපා. මට අවශ්‍ය වෙනත් උපදෙසක්.”  


නාරද පෙරසේම දඟකාර සිනාවක් පෑවේය.  


“මම ඔබට හොඳ අදහසක් දෙන්නම්.”  


ගායන් නාරද දෙස බැලු​ෙව් විමතියෙනි. ඉන්ද්‍රත් ශිවත් දෙදෙනාම ඔහුට කීවේ එකම විසඳුම ක්‍රිෂ්ණ හමුවී සමාව ඉල්ලා සිටීම බවය. එහෙත් නාරද දෙන්නට යන්නේ වෙනත් උපදේශයකි.  
ඔබ ගොස් පස් පාණ්ඩවයක් අතුරින් අර්ජුන හමු​ෙවන්න.  


“අර්ජුන?” ගායන් විමසුවේය.  


“අර්ජුන සහ ක්‍රිෂ්ණ උපන්නේ එකම දවසේ. එ් නිසාම ඔවුන් දෙදෙනා හොඳම මිතුරන්. එ් නිසා ඔහු කවදාවත් මා වෙනුවෙන් ක්‍රිෂ්ණා හා සටනට යන්නේ නැහැ”  
නාරද යළිත් සිනාසුණේය.  


නමුත් අර්ජුන කියන්නෙ යහපත් කුමාරයෙක්. ඔහුගෙන් පිහිටක් ඉල්ලා ගෙන යන ඕනෑම කෙනෙකුට ඔහු නොපැකිළව පිහිට වෙනවා.”  
“නමුත්?” ගායන් කීවේය.


“මම අර්ජුනගෙන් ඉල්ලන්නෙ ක්‍රිෂ්ණාගෙන් මා රැකදෙන්න කියායි. ඔබ හිතනවද ඔහු මා රැකීමට ඉදිරිපත් වෙයි කියා.”
නාරද යළිත් සිනාසුණේය.


ඔබ පළමුව අර්ජුනගෙන් පොරොන්දුවක් ගන්න. ඔබට ආරක්ෂාව අවශ්‍ය ක්‍රිෂ්ණගෙන් බව පැවසිය යුත්තේ ඒ පොරොන්දුව ලබාගත්තාට පසුවයි.”  
මෙතෙක් වේලා හිතේ තිබූ බිය එක් වරම පලා යනු ගායන්ට දැනිණ.   


ඔහු සිනාසී, ඉසිවර නාරදට ස්තූතිය පළ කළේය. අනතුරුව තම අශ්ව රථයට නැඟුණ ඔහු අර්ජුන සොයා පාණ්ඩවයට ගියේය.  


ඔහු පාණ්ඩවයට සමීප වන විටම මන්දිරයේ සිට එන අශ්ව රථයක් දක්නට ලැබිණි. වහාම තම රථයෙන් බිමට බට ගායන් අර්ජුනගේ අශ්ව රථය වෙත දිවගියේ “අර්ජුන! අර්ජුන!” යැයි කෑ ගසමිනි.  
තම නම ඇසුණු සැණින් අශ්ව රථය නතර කළ අර්ජුන, තමන් වෙත එන ගාර්ධර්වයා දුටුවේය.   


“අර්ජුන මම ඔබ වෙත පැමිණියේ ඔබෙන් උපකාරයක් ඉල්ලන්නට.”  


“ඔබ කව්ද? කුමක්ද ඔබට අවශ්‍ය උපකාරය?”  


අර්ජුන කාරුණික ස්වරයෙන් විමසුවේය.  


“මගෙ නම ගායන්, මම ඉන්නෙ ලොකු ගැටලුවක. රජ කෙනෙක් මා අල්ලා ගන්න බලාගෙන ඉන්නවා. ඔහු පැවසුවා මා මරාදමන බව. ඒ ගැන මා සිටින්නෙ බියෙන්”  
අර්ජුන හිස සෙලව්වේය.   


“ඔබ ඔහුට කිව්වොත් මා මරානොදමන ලෙස එය ඔහු පිළිගනීවි.”  


ඒ සමගම සීනු හඬක් ඇසිණි. අර්ජුන ගාන්ධර්වයා දෙස බලාගෙන සිටින විට එතැනට පැමිණියේ අර්ජුනගේ සහෝදරයා යූධීස්තරය. ඔහුට ගායන්ගේ වචන ඇසී තිබිණි.  
“කරදරයට පත්වූවන්ට පිහිට වීම ඔබේ කාර්යයයි. ඒ නිසා මේ ගාන්ධර්වයාට නොපමාව පිහිට ​ෙවන්න.”  


අර්ජුන හිස සැලුවේය. ඔහුගේ සහෝදරයා නිවැරදි බව අර්ජුන දැන සිටියේය. ඔහු ගායන් වෙත හැරී සංසුන්ව කතා කළේය.   


“හොඳයි මම ඔබව ආරක්ෂා කරන්නම්. නමුත් ඒ කුමන රජුගෙන් දැයි පවසන්න.”  
“ඔහු තමයි ද්වාරකා වේ රජු ක්‍රිෂ්ණ! මට ආරක්ෂා විය යුතුය ඔහුගෙන්.”  


ගයාන් සිහින් හඬින් කීවේය.   


අර්ජුන ගායන් දෙස බැලුවේ විමතියෙනි එක්වරම ඔහුට සිතුණේ මෙය කාගේ හෝ විහිළුවක් විය යුතුය කියාය. නොඑසේනම් මේ කියන ක්‍රිෂ්ණ අර බලගතු දෙවියා නොව වෙනත් ක්‍රිෂ්ණ කෙනෙකු විය යුතුය කියාය.   
එබැවින් ඔහු වඩාත් වුවමනාවෙන් ගාන්ධර්වයාගේ මුහුණු බැලුවේය. එහෙත් ඔහුගේ මුහණේ කිසිදු විහිළුකාර ස්වරූපයක් නොවීය. ඔහුගේ මුහුණේ වූයේ අපේක්ෂාවක් පමණි.  


“ගාන්ධර්වය! ඔබට මුහුණ දීමට සිදු වූ සිදුවීම නොපමාව පවසන්න”.  


අර්ජුන ඉල්ලා සිටියේය.   


ගායන් සිදුවූ සිදුවීම කිසිදු අඩුවක් නැතුව පැවසුවේය.  


“ඔ​බ නොසැලකිල්ලෙන් ගමන් කර කළ වරදක්. ඊට කළ යුතු එකම දෙය ක්‍රිෂ්ණ හමුවී සමාව ගැනීම පමණයි. කෙසේ වෙතත්, මට පුළුවනි. ක්‍රිෂ්ණට කියන්න, ඔබට සමාව දෙන්න කියා.  
අර්ජුන උත්තර දුන්නේය”.  


නාරද ඉසිවරයා පැවසුවේ වෙනත් කතාවකි. අර්ජුන අන් අයට පිහිට වීමට හැම විටම සූදානම් කෙනෙක් බවය. එහෙත් මේ මොහොතේ මේ ඔහුද ගැටලුවෙන් කර අරින්නට සැරසෙයි. ගායන්ට පළමු වරට තරහ ඇවිස්සුණි.   
“ගායන් ඔබ කළ යුතු එකම දෙය අර්ජුන හමුවී සමාව ගැනීම පමණයි.”   


අර්ජුන යළිත් කීවේය.  


“නමුත් ඔබ ලොව හමුවේ පෙනී සිටින්නේ අන් අය වෙනුවෙන් තම ආරක්ෂාව පවා නොසලකන ගුණවත් කුමාරයකු ලෙසයි.”  


ගායන් හිතේ උපන් කෝපය නිසාම පැවසුවේය. “නමුත් ඔබ මොහොතකට පෙර පැවසුවේ මට පිහිට ​ෙවන බවයි. මට ආරක්ෂාව ලබාදෙන බවයි. මා ඔබ වෙත පැමිණියේත් ඔබ නිර්භීත වීරයකු ලෙස සිතාගෙන. නමුත් දැන් බලනවිට....   


අර්ජුන ගායන් වෙත හෙලුවේ හිස් බැල්මකි.  

 

 

 


ලබන සතියට....
ශාන්ත කුමාර විතාන