ඒකාබද්ධ විපක්ෂයේ උද්​ෙඝා්ෂණයට ආ සෙනඟ ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  
බිමල් රත්නායක

උණුසුම් කාලීන දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සමඟයි.

• E.P.F. අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ ඇති අවදානම ගැන ජවිපෙ නිතර අදහස් පළ කරනවා. අපි මේ ගැන කතා කරමු.  


ආණ්ඩුව බරපතළ ආර්ථික අර්බුදයක තමයි දැන් ඉන්නේ. එක පැත්තකින් රුපියල අවප්‍රමාණය වෙනවා. රාජ්‍ය මුදල් සංසරණය සම්බන්ධයෙනුත් ආණ්ඩුව බරපතළ තත්ත්වයකට මුහුණ දීලා තියෙන්නේ. ආයෝජනවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කරනවා පිටින් මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට ගේන්න. එ්කට හොඳම ක්‍රමයක් තමයි අපනයන. ඒත් අපනයනවල ලොකු වර්ධනයක් ඇත්තෙත් නෑ. ඒ නිසා ආණ්ඩුව තීන්දුවක් ගත්තා මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ කොටස් 10% ක් නිකුත් කරන්න. මේ හරහා බිලියන ගණනාවක් ලැබුණට ඒකෙන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රශ්නය තාවකාලිකව විසඳගන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා. ඒත් ඒකට විශාල සේවක විරෝධයක් ආවා. බැංකු සේවක වෘත්තීය සමිතිවල ශක්තිය නිසා ඒ විරෝධයේ හඬ ප්‍රබල වුණා. එ් නිසා ආණ්ඩුව තව පියවරකට ගියා. ඒ තමයි සේවක අර්ථසාධක අරමුදලට අත ගැසීම. මේක භයානක සෙල්ලමක්. ආණ්ඩුවෙ ආර්ථික අසමත්කමට මේ වගේ දේවල් පිළියම් විදියට තීන්දු කිරීම වැරදියි. මේකටත් විශාල විරෝධයක් තියෙනවා. වෘත්තීය සමිතිවලිනුත් මේ විරෝධය පළවෙනවා. මේ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න අපි කටයුතු කරමින් ඉන්නවා. මිනිස්සු මහන්සියෙන් හරි හම්බ කරපු දේටත් තට්ටු කරන වැඩක් මේ.  


• මේ සඳහා දැනට අරගෙන තියෙන පියවර මොකක්ද?  


පහුගිය හතරවැනිද‌ා අපේ වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් මේ ප්‍රශ්නයත් වැටුප් වැඩිකිරීම පිළිබඳ ප්‍රශ්නයත් සම්බන්ධව වෘත්තීය සමිති නායකයින්ගේ සමුළුවක් පැවැත්වූවා. ඒකෙදි මේ ප්‍රශ්නය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතෙනදී තීන්දුවකට ආවා මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට සහ අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න. මේකට අත තියන්න ආණ්ඩුවට බලයක් නෑ. මේකට අත තියනවා කියන්නේ පෞද්ගලික අංශයේ රැකියා කරන අයගේ ජීවිත අනතුරකට හෙළීමක්. මේ හරහා විශාල සමාජ අර්බුදයක් පැනනගින්න පුළුවන්කමක් තියෙනවා. අපි දන්නවා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් එකේ සල්ලි ද‌ාපු අය අද පත්වෙලා ඉන්න තත්ත්වය. ඒ සමහර මිනිස්සු කියන්නේ සියදිවි නසා ගන්න තත්ත්වයට ඇවිත් කියලා. මේ වගේ අවද‌ානමක් සේවක අර්ථසාධක අරමුදලට ආණ්ඩුව අතගැසීම හරහා තියෙනවා.  

රාජපක්ෂලා වටා අලුත් බලවේග එකතු වෙන්නේ නෑ. ඔවුන් වටා ඉන්න පිරිස දවසින් දවස ඈත්වෙන එකයි වෙන්නේ. ඒ පිරිස කොහෙම හරි රඳවා ගැනීමට තමයි මේ එක එක විදියේ දේවල් කරමින් උත්සාහ ගන්නේ. ඒත් ඒක සාර්ථක නෑ.


• ඒකාබද්ධ විපක්ෂෙ ‘කොළඹට ආපු ජනබලය’ කොහොමද?  


අපි ඒ ආපු සාමාන්‍ය ජනතාව ගැන ඇත්තටම කනගාටු වෙනවා. මොකද අන්ත දූෂිත තක්කඩි දේශපාලකයින්ට ඔවුන් තාමත් රැවටෙනවා. රාජපක්ෂ කල්ලියට මේ ජනතාව ​ෙගදුරුවෙලා. ඒ වගේම අපේ රටේ දේශපාලනය වැටිච්ච පහත් නීච තත්ත්වය ගැනත් කනගාටුවක් තියෙන්නේ. සටන්පාඨයක් නැති, සටන් කරන්න ආපු මිනිහට ආපු කාරණය ගැන අදහසක් නැති ජෝකර්ලාගේ නාඩගමක් තමයි අපි දැක්කේ. කෙළින් ඉන්න බැරි තරමට අරක්කු බීගෙන ඉතාම අශෝභන විදියට කොළඹ පුරා ඇවිදපු පිරිසක් ඇරෙන්න යහපත් අරමුණක් වෙනුවෙන් ආපු පිරිසක් අපි දැක්කේ නැ. වීදි සටන් කියන්නේ ජනතාවගේ බරපතළ අයිතියක්.  


වීදි සටන් මේ වගේ ජරා තැනකට වට්ටවපු එක ගැන අපි කනගාටු වෙනවා. අරක්කු බෝතලේට, බත් පැකට් එකට මුදල් නෝට්ටුවකට දෙකකට මේ වීදි සටන් පාවා දීපු ජනතාව ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. දූෂිත රාජපක්ෂ කල්ලිය මේ අහිංසක මිනිස්සුන්ගේ කරමතින් නැවත බලය අල්ලන්න යන හැටි හරිම ජුගුප්සාජනකයි.  


කොච්චර කයිවාරු ගැහුවත් මේ උද්ඝෝෂණය ඉතාම අසාර්ථකයි කියලා පේනවා. කියපු තරම් ජනතාව ආවෙත් නෑ. පම්පෝරි ගහපු තරමට බලපෑමක් කරගන්නත් බැරි වුණා. ආණ්ඩුව අතට අරගෙන මිසක් ආපහු යන්නෙ නෑ කියපු අය මහජනතාව මහපාරේ රස්තියාදු කරල රෑ ලොකු ලොකු හෝටල්වලට ගිහින් එයාල බීල විනෝද වුණා.  


රාජපක්ෂලා වටා අලුත් බලවේග එකතු වෙන්නේ නෑ. ඔවුන් වටා ඉන්න පිරිස දවසින් දවස ඈත්වෙන එකයි වෙන්නේ. ඒ පිරිස කොහෙම හරි රඳවා ගැනීමට තමයි මේ එක එක විදියේ දේවල් කරමින් උත්සාහ ගන්නේ. ඒත් ඒක සාර්ථක නෑ.  


මහින්ද රාජපක්ෂගෙ සහෝදරයා බැසිල් රාජපක්ෂ පවා මේ වැඩවලින් මඟඇරලා රට ඇරලා ගිහින්. තවත් මොන කතා ද ඉතිං. මහින්ද රාජපක්ෂ පෙන්න පෙන්න මේ ගොල්ලන්ට තව දුර යන්න බෑ.  


• මේ උද්ඝෝෂණය ලීඩ් කරපු අයනම් කිව්වෙ මේ වැඩේට ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියත් එකතුවෙන්න නියමිතයි කියල.  


එ්කෙන්ම පේනවා මේ අයගෙ බංකොලොත්භාවය. ඒ අය කවුරුහරි විකුණලා මිනිස්සු ගෙන්වා ගන්න තමයි මාන බැලුවෙ. පොහොට්ටුවෙ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුවලදී කිව්වා ජවිපෙ නායකයෝ මේකට සහභාගි වෙනවා කියලා. මොන හිඟන්නොද මේ? දේශපාලන වශයෙන් හද්ද අනාථයො ටිකක්. නාමල් රාජපක්ෂ එක්ක බිස්නස් කරපු ඉරාජ් වීරරත්න කියන පුද්ගලයා සමාජ මාධ්‍යවල සඳහන් කරලා තිබුණා ජවිපෙ නායකයා මේකට එනවා කියලා. පො​ෙහාට්ටුවෙ දේශපාලකයො වගේම තක්කඩි බොරුකාරයෝ තමයි ඔවුන් එක්ක එකතුවෙච්ච අනිත් අයත්.  

අපි දන්නවා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් එකේ සල්ලි ද‌ාපු අය අද පත්වෙලා ඉන්න තත්ත්වය. ඒ සමහර මිනිස්සු කියන්නේ සියදිවි නසා ගන්න තත්ත්වයට ඇවිත් කියලා. මේ වගේ අවද‌ානමක් සේවක අර්ථසාධක අරමුදලට ආණ්ඩුව අතගැසීම හරහා තියෙනවා.


• ජවිපෙ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙනවා. දැන් මොකද වෙන්නේ?  


දැන් ඒක පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළුවෙලා තියෙනවා. කතානායකතුමා මගින් ඒක යොමු කළ යුතු වෙනවා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් සලකා බලන අධීක්ෂණ කමිටුවට. එ් කමිටුව තුළ මේක විමර්ශනයට ලක් කරල ඊට පස්සේ අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ අරගෙන තමයි පූර්ණ පනත් කෙටුම්පතක් විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ.  


• ලාල්කාන්ත සහෝදරයා කියලා තිබුණා පක්ෂයක් විදියට මීට පස්සෙ නම් කාටවත් පාපිස්ස වෙන්නේ නෑ කියලා. මීට කලින් පාපිස්ස වීම ගැන ගිල්ටි ද?  


ජනතා විමුක්ති පෙරමුණ රටේ විකල්ප සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් විදියට තමයි පෙනී ඉන්නේ. ඒත් ඡන්ද පදනම අනුව අපි ඉන්නේ තුන්වෙනි තැන. තුන්වෙනි තැන ඉන්න පක්ෂයක් පළවෙනි තැන වෙන්න උත්සාහ කරද්දී අනිවාර්‌යෙන්ම පළවෙනි සහ දෙවෙනි තැන ඉන්න පක්ෂ දෙකෙන් එකකට යම්කිසි අනියම් වාසියක් වෙන අවස්ථා තියෙනවා. අපි කුමක් කළත් එක්කො පළවෙනි තැන තියෙන පක්ෂයට අනියම් වාසියක් වෙනවා. නැත්නම් දෙවැනි තැන තියෙන පක්ෂයට වාසියක් වෙනවා. අපි ඒවා කරන්නේ අනික් පක්ෂවලට වාසිවෙන්න කියලා ​ෙනාවුණට අනියම් වාසියක් ලැබීම වළක්වන්න අමාරුයි. අපි මීට කලින් රට වෙනුවෙන් ගත යුතු පියවරක් විදියට සන්ධාන ආණ්ඩුව එක්ක ගිවිසුම්වලට යන්න. පසුගිය කාලේ විවිධ අවස්ථාවල දූෂිතම පාලකයින්ට අපෙන් මේ අනියම් වාසිය ලැබුණා. ඒක නොවිය යුතු දෙයක් කියල දැන් අපි හිතනවා. ලාල්කාන්ත සහෝදරයා කියන්න ඇත්තේ මීට පස්සේ මේ වගේ තත්ත්වයක් ඇති වීමට කටයුතු නොකරන බවක් වෙන්න ඇති. ඒ කියන්නේ මින් ඉදිරියට ජවිපෙ හෝ ජවිපෙ මූලික දේශපාලන බලවේගයකට රටේ බලය ලබා ගැනීම හැර වෙන දේශපාලන විකල්පයක් නෑ කියන එකයි.

 

 

සටහන  
ප්‍රියන්ත කොඩිප්පිලි