පුංචි ඡන්දය නොවැම්බරයේ


(අජන්ත කුමාර අගලකඩ)  
ඡන්ද විමසීම කල්දමා ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.   


පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

සීමා නීර්ණ වාර්තාව අනුව ඡන්ද කොට්ඨාස 5092ක් කොට්ඨාස මට්ටමින් මහජන නියෝජිතයින් තෝරා ගැනෙන අතර තවත් සියයට 30 ක් අනුපාත ක්‍රමය යටතේ තෝරා ගැනීමට නියමිතව ඇත. පළාත් පාලන ආයතනවල දැනට සිටින මහජන නියෝජිතයින් ගණන හාර දහස ඉක්මවන අතර යෝජිතව ඇති ක්‍රමය යටතේ මහජන නියෝජිතයින් ගණන 8000ක් පමණ වනු ඇත.  


එහෙත් එම සංඛ්‍යාව 7,000ක් පමණ දක්වා අඩු කිරීමට යෝජනා වී ඇතැයි දැන ගන්නට තිබේ. මෙම මහජන නියෝජිතයින් සංඛ්‍යාවෙන් සියයට 25ක් කාන්තා නියෝජනය සඳහා වෙන් කිරීමට ද යෝජනාවී ඇත. පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම ලබන ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා කල්දමමින් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පසුගිය සතියේදී අතිවිශේෂ ගැසට්නි වේදනයක්ද නිකුත් කළේය.