සොඳුරු මතකයක්


නුඹ මටත් වඩා  තනිකම රකින්න ඇගේ 
ඈ ළඟට වී එදා 
හොරෙන් හොරෙන් මටත් ඈට ළංවුනා... 
සෙවනැල්ලේ... මන් තරහා නැහැ... 
නුඹත් එක්කලා... මන් තරහා නැහැ... 
සිතුවිලි නුඹටත් තේරුම් ගන්න බැරිවුනා... 
අහසක් උසට ආදරේ... ඈට පෙන්නුවා... 
රහසක් ලෙසට කාටත් හංගන්න බැරිවුනා... 
සෙවනැල්ලක් අකුණු සැරයකින් දැවුනා... 
ආදරේ... මටත් ඔය වේදනා... ගෙනාවා...
නුඹ විඳින වේදනා ඒ නිසා දැනෙනවා... 
ඇදුන දුම්රියක් පීලි නැතුව නැවතුනා... 
සොඳුරු මතකයක් මගෙ ළඟට ළංවුනා... 


පැරිස් නුවර 
හේමා කටුකුරුන්ද