ශාක්‍යමුණි විහාරයේ දුරුතු පිංකම


දෙදහස් දහනවය නව වසරේ දුරුතු මහේ දුරුතු පොහොයට සමගාමීව ශාක්‍යමුණි විහාරයේ පළමු ශීල භාවනා වැඩසටහන ජනවාරි හයවැනි ඉරු දින දවස පුරා ශාක්‍යමුණි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කටුවන සිද්දත්ථ ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 


ලොව්තුරා අමාමෑණී බුදු පියාණන්වහන්සේට මහා සංඝරත්නයට සිල්සමාදන්ව සිටි සිල්වතුන්ට ශාක්‍යමුණි විහාරයේ ගරු භාණ්ඩාගාරික චමින්ද රන්දුනු මහත්මා සහ මනෝරී, කුමාර ඇතුළු දායක පින්වතුන් කිහිපදෙනකු මැදිහත් වීමෙන් දහවල් දානය පූජා කළ අතර චමින්ද රන්දුනු මහත්මාගේ මිය ගිය පියාණන්නට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් දානමය පිංකම ද ශාක්‍යමුණි විහාරයේ රෝපණය කර ඇති බෝධින්වහන්සේ වෙත රං වැටක් ද පූජා කළේය. 


ශ්‍රී ලංකාවේ සිට ගෙන්වා ගත් මෙම රන් වැට සකස් කර ගැනීමට කුමාර මහත්මා සහ ඩබ්ලිව්.ඩී. ඉන්ද්‍රානි යන දෙදෙනා ද මුදලින් දායක වුණු අතර චමින්ද රන්දුනු මහත්මාගේ මූලික දායකත්වයෙන් තම පියාණන්ට පිං පිණිස එම රන් වැට පූජා කළේය. 


මෙම උතුම් පිංකම සඳහා ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් රාශියක් පැමිණ සිටියහ. 

 


ප්‍රේමා කංකානම්ගේ