දඹදෙණියේ සිරිගල ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන් විහාරයේ ධර්ම ශාලාවට ඉතාලියෙන් පිඟන් ගඩොල් පරිත්‍යාගයක්


 

ශ්‍රී ලංකාවේ දං​කොටුව නගරයේ පදිංචි දැනට ඉතාලියේ පාදොවා නගරයේ පදිංචි ජයසිංහ මහත්මා සහ මුතු මහත්මියගේ ද දියණිය අනුරාධා සහ පුතුණුවන් වූ නිරෝෂන් ජයසිංහ සහ චරිතා යන දූ දරුවන්ගේ දාන පරිත්‍යාගයෙන් පසුගිය මස පුරපසළොස්වක පොහෝ දින ශ්‍රී ලංකාවේ දඹදෙණියේ සිරිගල ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන් විහාරයේ ධර්මශාලාවේ ගෙබිම සකස් කර ගැනීමට අඩුපාඩුවක්ව තිබුණු පිිඟන් ගඩොල් පරිත්‍යාගයක් කරමින් ඉතාමත් උතුම් වූ පිංකමක් සිදු කර ගත්හ. 


​ෙමම අනගි පුණ්‍ය කටයුත්තට ඉතාලියෙන් සම්බන්ධීකරණය වූයේ ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති දඹදෙණිය ධම්මාරාම ස්වාමීන්වහන්සේ සහ ඉතාලියේ පාදොවා නගරයේ සම්මාසති විහාරාධිපති ගම්මාදගම පියදස්සී ස්වාමීන්වහන්සේ විසිනි. 


ශ්‍රී ලංකාවේ දඹදෙණියේ සිරිගල ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන් විහාරයේ විහාරාධිපති අතුරුවල සෝමානන්ද නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ දඹදෙණිය මූලික රෝහල් සමිතියේ උපදේශක අතුරුවල ජිනානන්ද ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මැද ජයසිංහ පවුලේ පින්වතුන්ට මෙම උතුම් පින්කම සිදු කර ගැනීමට වාසනාව උදා වී ඇත. 


කවදත් ආගම දහමට ලැදි ලෝකයේ කොතැනක හෝ වෙහෙරක් විහාරයක් පන්සලක් සෑදීමට මහත් උනන්දුවකින් මූලිකව ඉදිරිපත් වන දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන්වහන්සේගේ ගමේ විහාරස්ථානයට මෙම පරිත්‍යාග ලබන්නට තරම් වාසනාවන්ත වීම ගැන අපි සතුටු වෙමු. එම පරිත්‍යාගය කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. 

ප්‍රේ‍මා කංකානම්ගේ 
රෝමය