ගෝලීය ත්‍රස්තවාදයට ISIS එරෙහි නාපෝලියේ සාමකාමී විරෝධතා පාගමන අදයි


පසුගිය අප්‍රේල් 21 වැනි ඉරුදින පැවති පාස්කු මංගල්‍ය දේව මෙහෙයන් හා ඉහළම පන්තියේ සංචාරක ආයතන ඉලක්ක කරගෙන සිදුකරන ලද මුස්ලිම් අන්තවාදී කුරිරු අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීම අරමුණු කරගෙන විරෝධතා පාගමනක් සංවිධානය කර ඇත.  


ඉතාලියේ නාපොලි පළාතේ නේවාසිකව වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉතාලි පුරවැසියන් හා අනිකුත් විදේශීය සංක්‍රමණිකයන් සම්බන්ධ කරගෙන ඉතාලි රජයේ අවසරය හා ආරක්ෂක අංශවල පූර්ණ සහයෝගය ඇතිව මැයි 12 වැනි ඉරුදින ඉතාලි වේලාවෙන් උදේ 10.00 සිට මධ්‍යහ්න 1.30 දක්වා පැවැත්වේ.  


නාපොලි නගරයේ ජාතික කෞතුකාගාරය (Museo) අසලින් ආරම්භව නාපොලි මහ නගර සභාව චතුරශ්‍රය (PIAZZA MUNICIPIO) දක්වා පැවැත්වෙන මෙම සාමකාමී විරෝධතා පා ගමන සඳහා සාමය කැමති සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා.  
ක්වින්ටින් ප්‍රනාන්දු - නාපෝලි ඉතාලිය