ගං වතුරෙන් අසරණ වූ දරුවන්ට පැරීසියේ හිතවතුන්ගෙන් ආධාර


රොහාන් දයාදර අතින් අජිත් රණසිංහ වෙත

පසුගියද‌ා ශ්‍රී ලංකාවේ ගංවතුර උවදුරට ගොදුරු වී අසරණ වූ පවුල්වල දරුවන්ට පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය ලබාදීම සඳහා පැරීසියේ එක්සත් ජාතික පක්‍ෂ යුරෝපා ශාඛා සංවිධානය විසින් යුරෝ 800ක මුදලක් පරිත්‍යාග කරන ලදී. එම පරිත්‍යාගය සඳහා පැරීසියේ හිතවතුන් පිරිසක් ද‌ායක වූහ.  


ඉහත සංවිධානයේ සභාපති රොහාන් දයාදර මහතා විසින් එම මුදල් සංවිධානයේ ප්‍රධාන අනුශාසක අජිත් රණසිංහ මහතාට භාර දුන් අතර එම මහතා විසින් පසුගියදා එම මුදල් පරිත්‍යාගය අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට භාර දුන්නේය. ඒ අනුව අධ්‍යාපන ඇමතිතුමාගේ අධීක්‍ෂණය යටතේ තෝරාගත් දුෂ්කර ගම් කිහිපයක අසරණ වූ පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට එම පරිත්‍යාග යෙදවීමට බලාපොරොත්තු වේ.


සුනිල් ආනන්ද - පැරිසියේ සිට