අප වෙනුවෙන් නුඹට


දෙතනෙන් කිරි පෙවු මව අමතක කර
නුඹ වෙනුවෙන් ඇපකැපවී දැන් මරණ මංචකයේ  
වැතිර සිටින පියාව අමතක කර  
අප සිහින සැබෑ කරාවි කියා නුඹ තුළ  
විශ්වාසය තැබූ නුඹේ බාලයන් අමතක කර   
නිතර නුඹට ගරු කළ අසල්වැසි නෑදෑයින් අමතක කර  
තම පණට වඩා නුඹට ආදරය කළ මිතුරන් අමතක කර  
නුඹේ පෙම්වතිය නිසා අප අතරින් වෙන්වී සිටින නුඹටයි මේ.  
පෙම්වතිය නිසා අපව අමතක කළ නුඹට අප වෙනුවෙන් නුඹේ පෙම්වතිය අමතක කළ නොහැකිද?  

 


ඒ. මොහොමඩ් තාහා  
හමුදා රෝහල  කමිස් මුසයින් සවුදි අරාබිය