IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ලෝකයේ ලොකුම ගස් පුස්තකාලය

ලෝකෙන් ටිකක්

කොංගෝ වනාන්තරය 

 

 

ලෝකයේ දෙවෙනි විශාලම වැසි වනාන්තරය වන කොංගෝ වැසි වනාන්තරයේ සැරිසරන එක් පුද්ගලයෙක් මේ දිනවල එහි තිබෙන විශාල ගස්වල සිදුරු විදිමින් ඒවායින් කුඩා කෑලි එකතු කරයි. ඒ ලෝක වනාන්තර හැඳුනුම්පත නමැති දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ය. ඒ අනුව ඔහු ඇතුළු එම ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයන්ගේ අරමුණ වන්නේ ලෝකයේ වැසි වනාන්තර ආදී කපාදැමීමේ දැඩි තර්ජනයක් පවතින කලාපවල ගස් වර්ගවල ජාන එකතු කිරීමෙන් ඒවා අනාගත පරපුර සඳහා සුරක්ෂිත කිරීමයි. නීති විරෝධීව කැපීමේ උග්‍ර තර්ජනයට ලක් වෙන ගස්වල ඩී.එන්.ඒ. දත්ත ගබඩා කර තබාගෙන, වෙළෙඳාම් කරන දැව සහ දැව භාණ්ඩ අතර එම ගස් තිබේදැයි පරීක්ෂා කරමින් නීති විරෝධී දැව ජාවාරමට වැට බැඳීම මෙම ව්‍යාපෘතියේ වැදගත්ම අරමුණකි.   


ඔවුන් දැන් සකසමින් යන දැව ජාන බැංකුව නිසා දැවයෙන් තැනූ ඕනෑම භාණ්ඩයක් හෝ දැව වර්ගයක් පැමිණියේ කොහෙන්දැයි සොයාගැනීමේ පහසුකම වසර 10ක් ඇතුළත ලැබෙන බව කියැවේ. ඒ අනුව නීති විරෝධීව කැපූ දැව විකුණන්නේ හෝ ඒවායින් යම් භාණ්ඩ සාද‌ා විකිණීමට තබා ඇත්තේ වුවද, බැංකුගත කරන ජානවලට පින්සිදු වෙන්නට ඒවා සොයා ගන්නට පුළුවන. මෙම තාක්ෂණික දියුණුව නිසා කිසියම් උසාවියකට වුවද නීති විරෝධී දැව ජාවාරම් පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ.   


ජාත්‍යන්තර සම්මුති හා ජාතික වශයෙන් බලපාන නීති රීති හේතුවෙන් සමහර රටවල සමහර දැව වර්ග ලබාගැනීම සඳහා ගස් කැපීමත් වෙළෙඳාමත් තහනම් කර තිබේ. නමුත් ඒ සම්බන්ධ නීතිමය කටයුතුවලදී ජාවාරම්කරුවෝ බේරී පළායන්නේ සාක්ෂි ඔප්පු කිරීමට නොහැකි නිසයි. මෙවැනි ජාන බැංකු නිසා කිසියම් දැව වර්ගයක් පැමිණියේ කොහි සිටද යන්න නිශ්චිතවම දැනගත හැකිය.   

 

ගස් පුස්තකාලය සඳහා ලබාගන්නා දැව සාම්පලයක්   

 

 


ඉන්ටර්පෝල් දත්තවලට අනුව ලෝක දැව වෙළෙඳාමෙන් සියයට 15 - 30ත් අතර ප්‍රමාණයක් සිදුවෙන්නේ ජාතික නීති නැතහොත් ජාත්‍යන්තර නීති කඩ කරමිනි. නීති විරෝධී දැව ජාවාරම් නිසා සැම තත්පර දෙකකටම වරක් පාපන්දු ක්‍රීඩාංගණයක ප්‍රමාණයක කැලෑ එළි පෙහෙළි වෙන බව ලෝක බැංකුව කියයි. ලොව ජීවත්වන සත්ත්ව විශේෂවලින් සියයට 80 කටත් වඩා ගොඩබිම් කේන්ද්‍ර කරගෙන වාසය කරන අතර පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් උරාගැනීමට ද වනාන්තර විශාල මෙහෙයක් ඉටු කරයි.   


ගැබොන් රාජ්‍යයේ සියයට 85කටත් වඩා වනාන්තරවලින් වැසී තිබෙන අතර එරට ප්‍රධාන අපනයන කර්මාන්තය වන්නේ දැව වෙළෙඳාමයි. එරට වනාන්තරවල තෝරාගත් ගස් පමණක් කපා දැමීම නිසා වනාන්තර විනාශවෙමින් තිබේ. පේරු රාජ්‍යය, නිකරගුවාව හා සොලොමන් දූපත් ද නීති විරෝධී දැව වෙළෙඳාම් නිසා තර්ජනයට ලක්ව තිබෙන රටවල් කිහිපයකි. ලබන වසරේදී ඇමරිකානු අරමුදල්වලින් තවත් රටවල් 12ක පමණ දැව සාම්පල එකතු කිරීමට අපේක්ෂිතයි.   


සෙන්ටිමීටර් 11ක් පමණ දුරට ගස් විද ලබාගන්නා සාම්පල සියල්ල තැන්පත් කරන්නට සූදානම තිබෙන්නේ ලන්ඩනයේ රාජකීය උද්භිද උද්‍යාන පුස්තකාලයේය. නීති විරෝධී දැව ජාවාරම් නිසා තර්ජනයට ලක්ව තිබෙන දැව වර්ග සහ තර්ජනයට ලක්වීමට හැකි දැව වර්ග සියල්ල මෙම එකතුවට ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

 


නිසංසලා



අදහස් (2)

ලෝකයේ ලොකුම ගස් පුස්තකාලය

sharm warn Tuesday, 10 December 2019 06:53 AM

බ්‍රිතාන්‍ය කවදත් අනුන්ගේ දේවල් එකතු කරන්න දක්ෂයෝ. අපේ පුරාණ පුස්කොලපොත් තොගයක්, පුරා වස්තු බොහොමයක්, හිස් කබල් පවා එහෙට අරන් ගියේ සිංහල ජාතියට තියෙන බයට. දැන් ගස් වැල් වලටත් වැඩේ දෙන්න වගේ. මේ කර්තව්‍යට අදාළ රටවල පරිසර අධිකාරීන්ගෙන් අවසර ගන්නවද ? ඒ රට වල පරිසර අණ පනත් වලට එකග ව ද මේ දේවල් සිද්ධ වෙන්නේ? අපේ රටේදීත් එයාලට ඕන ඕන විදියට ආදර්ශ එකතු කරනවද ?

:       0       42

bandula Friday, 13 December 2019 07:51 AM

පුස්තකාලය යනු පුස්තක (පොත්) තැන්පත් කරන තැනකි. මෙහි නම් "ගස්තකාලය" විය යුතුයි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 770 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 909 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 377 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site