(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අධික වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක පවුල් 1880 ක පුද්ගලයින් 5880 ක් පීඩාවට පත්වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 193 ක පුද්ගලයින් 710 ක්,කල්පිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 957 ක පුද්ගලයින් 2625 ක්,වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්77 ක පුද්ගලයින් 274 ක් පීඩාවට පත් වී ඇති අතර මහකුඹුක්කඩවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 17 ක පුද්ගලයින් 51 දෙනෙකු,නවගත්තේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක පුද්ගලයින් 152 කු සහ පුත්තලම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 686 ක පුද්ගලයින් 2608 ක පීඩාවට පත්වී ඇති බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
පීඩාවට පත්ව ඇති පිරිස් වෙනුවෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ආරක්ෂිත කඳවුරක් පිහිටා ඇත.
එහි පවුල් 20 ක පුද්ගලයින් 194 දෙනෙකු රඳවා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින්ද,ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් සහ වාන් දොරටු 04 ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින්ද,රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 06 බැගින්,වාන් දොරටු 02 ක් අඩි 04 බැගින් සහ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත.අංගමුව ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 03 බැගින් විවෘත කර ඇත.
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ එළුවන්කුළම සපත්තු පාලම මතින් අඩි 08 ක පමණ ජලයක් ගලා යන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවද පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැස්සෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 5880 ක් පීඩාවට