IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මැනිං වෙළඳපොලේ වෙළඳ ස්ථාන විකිණීමේ සූදානමක් නෑ

(මුදිතා දයානන්ද)

කොළඹ මැනිං වෙළඳපොලේ පදික වේදිකාවේ තිබෙන වෙළඳ ස්ථාන විකිණීමේ කිසිම සූදානමක් තමන්ට නැතැයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අද (22) පැවසුවාය.

සේනානායක මහත්මිය මෙසේ පැවසුයේ කොළඹ මැනිං පොදු වෙළඳ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදීය.

මැනිං වෙළඳපොළේ පදික වේදිකාවේ තිබෙන වෙළඳ ස්ථාන 80 ක් ඉරිගසා වෙන්කර එකක් ලක්ෂ 10 ය බැගින් වන මුදලකට අලෙවි කිරිමේ සැලැස්මක කොළඹ නගර සභාව නිරත වන්නේ යැයි වෙළඳ සංගමය කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට නගරාධිපතිනිය , නගර සභාවේ මන්ත්‍රීවරු හා නිලධාරීන් පිරිසක් සමඟ මැනිං පොදු වෙළඳපොල වෙත  පැමිණියාය.

මැනිං වෙළඳපොලේ පදික වේදිකාවේ කොටස් වෙන්කර තිබෙන්නේ තම සංගමයට කිසිම දැනුම් දීමකින් තොරව හොර රහසේ රාත්‍රී කාලයේ පැමිණ බවත් එසේ කඩ ලබාදීමට සුදානම් වන්නේ වෙනත් ස්ථානවල පදික වෙළඳාමෙන් ඉවත් වී මැනිං වෙළඳපොලේ වෙළඳාම සමඟ කිසිම සම්බන්ධයක් නැති අය බවත් පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා එහිදී පැවසීය.

මේ ආකාරයට ස්ථාන ගත පිරිසට පෑලියගොඩ අලුතෙන් ඉදිකරන මැනිං වෙළඳපොලේ ස්ථානයක් ලබාදීමේ කූට සැලැස්මක් මෙම ව්‍යාපෘතියේ යටි අරමුණ ලෙස තිබේදැයි තමන්ට සැකයක් පවතින බවද වෙළඳ සංගමයේ නියෝජිතයෝ චෝදනා කළහ.

මැනිං වෙළඳපොළ භූමියේ අයිතිය තිබෙන්නේ නගර සභාවට යැයි නගර සභාව පැවසුවද එය තමන්ට අයිතියැයි නාගරික සංවර්ධන අධිකාරියද පවසන බව වෙළඳ සංගමය පෙන්වා දුන්නේය.

එහිදි අදහස් දැක්වු රෝසි සේනානායක මහත්මිය පදික වෙළඳපොල කඩවෙන් කිරිමේ කාර්යයේදි වෙළඳ සංගමය සම්බන්ධ කර නොගැනීමෙන් අඩුපාඩුවක් සිදුවු බව පිළිගන්නා බව පැවසුවාය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු විවිධ ස්ථානවලින් ඉවත් කරන ලද පදික වෙළඳුන්ගේ ප්‍රශ්නයට පිළියමක් වශයෙන් පමණක් මෙසේ කඩ වෙන්කර දීමට කටයුතු කළා හැර එහි කිසිදු යටි අරමුණක් නැති බවද ඇය පැවසුවාය. පෑලියගොඩ නව මැනිං වෙළඳපොළ කටයුතු සිදුකරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් බවද එහි කඩකාමර හිමිවිය යුත්තන් පිළිබඳ ලැයිස්තු දැනටමත් සකස් කර අවසන් බවද එයට මේ පදික වෙළඳුන්ගේ නම් ඇතුළත් නොවන බවද නගරාධිපතිනිය පැවසුවාය.

ස්ථිර වෙළඳසැල් හිමියන්ට අලුත් වෙළඳකුටි ලබාදීමෙන් පසු පදික වෙළඳුන්ටද ස්ථානයක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද මැනිං වෙළඳපොලේ ප්‍රශ්නයක් වේ නම් කළ යුත්තේ මාධ්‍යයට දැනුම් දීම නොව තමන් හමුවී කතා කිරීම බවද ඇය පැවසුවාය.

තමන්ට මෙතෙක් සාකච්ඡාවට අවස්ථාවක් නොදුන් බවට වෙළඳ සංගමය ඉදිරිපත් කළ චෝදනාවද නගරාධිපතිනිය පිළිගත් අතර ඉදිරියේදී ඊට අවස්ථාවක් ලබාදීමට සුදානම් බවද පැවසුවාය.

මෙම අවස්ථාවට කොළඹ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා , කොළඹ නගර සභාවේ කොමසාරිස් රොෂානි දිසානායක, පශු වෛද්‍ය අයි. වී. පී. ධර්මවර්ධන ඇතුළු මහජන නියෝජිතයෝ හා නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - චතුර එස්.කොඩිකාර)

 

 

 



අදහස් (0)

මැනිං වෙළඳපොලේ වෙළඳ ස්ථාන විකිණීමේ සූදානමක් නෑ

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site