IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මළවුන් සමඟ මිතුරුව

(කාංචන කුමාර ආරියදාස)

ජීවතුන් අතර සිටින තම සහෝදර සහෝදරියන් සමඟ වාසය කිරීමට නොහැකිව මළවුන් අතර වසර 4 ක කාලයක සිට ජීවත්වන  අපූරු පුද්ගලයකු ගලේවෙල පුවක්පිටිය පොදු සුසාන භූමියේ සිටියදී අපට හමුවිය.

ප්‍රියන්ත ලාල් ජයවර්ධන මහතා (43)  එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු මීට වසර හතරකට ඉහතදී ඥාතීන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඉවත්ව සිය පියා මිහිදන් කළ පුවක්පිටිය පොදු සුසාන භූමියේ මළවුන් සමඟ ජීවත් වීමට පැමිණි බව පැවසීය.

ප්‍රියන්ත ලාල් ජයවර්ධන මහතා අප සමඟ පැවසුවේ තම පියා 1983 වසරේ මියයෑමෙන් පසු සහෝදර සහෝදරියන් පියාට අයත් ඉඩකඩම් නිවාස සියල්ල අත්පත් කරගෙන තමාව එළියට දැමූ බවයි. සිය පියා ජීවතුන් අතර සිටියදී තමන්ට ලබාදුන් උපදෙස් මත එනම් සහෝදර සහෝදරියන් නොසළකා හරින්නේ නම් තමන්ගේ වල ළඟට පැමිණ සිටින ලෙස කිවු බව හෙතෙම කීය.

ඔහු සුසාන භූමියේ සිය පියාගේ මළ සිරුර භූමිදානය කළ ස්ථානය ආසන්නයේ ගසක් යට  දීවා රාත්‍රී කාලය ගෙවන අතර වැසි දිනයන් හිදී සුසාන භූමියේ ඉදිකොට ඇති මළ සිරුරු තබන පුංචි කුටියේ නිදාගන්නා බව පැවසීය.

ප්‍රියන්ත ලාල් මෙහි තවත් අපූරු වැඩක් කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි. එනම් රාත්‍රී කාලයට ගිණිමැලයක් පත්තු කර ගන්නා බවත් එය උදේට අලු අඟුරු සමඟ අඩියක පමණ වලක්  හාරා ඉවත් කිරීම සිදු කරනු ලබයි. එසේ වසර 4ට ඉවත් කළ වළේ ගැඹුර අඩි අටකට වඩා වැඩිය. ඔහු සඳහන් කර සිටියේ තමන් මියයෑමෙන් පසු එම වලේ භූමිදාන කරන ලෙස ගම්මුන්ට දැනුම් දී තිබෙන බවයි.

තමන් විවාහ වී සිටිය ද බිරිඳ රැගෙනවිත් ජීවත් වන තැනක් නොමැති නිසා බිරිඳ ඇයගේ ආබාධිත සහෝදරයකු රැකබලා ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජීවත්වන බවත් සඳහන් කර සිටියි.

ඔහුට ජීවිතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද ජීවත්ව සිටින මිනිසුන්ට වඩා මියගිය මිනිසුන් කිසිදු කරදරයක් නොමැති බවත් ඔවුන් සමඟ ජීවත්වීමට හැකි බවත් හෙතෙම අප සමඟ පැවසීය.

නගරයට ගොස් කුමන හෝ රැකියාවක් සිදුකර දවසේ ආහාර වේල පමණක් සොයා ගන්නා ඔහු මීමැස්මොරය රෝගයට  ප්‍රතිකාර ලබන බව සඳහන් කළේය.

බලාපොරොත්තු රැසක් පොදි ගන්වාගෙන ජීවිතේට මුහුණ දෙන වකවානුවක මරණයට කැප වී මළවුන් සමඟ ජීවත්වෙන ලාල් ජයවර්ධන මහතාගේ ජීවන කතාවෙන්  බොහෝ සමාජ අසාධාරණකම් පවුල්වල අසමගිකම් රැසක් පිළිබිඹු වෙන බව ප්‍රදේශවාසීහු කියති.



අදහස් (4)

මළවුන් සමඟ මිතුරුව

රජින්ද Thursday, 12 April 2018 11:58 AM

මේ පුද්ගලයාට ධර්ම කරුණු පහදා දී ඔහුට බුදු දහමේ සාරවත් කෙතට පැමිණෙන්නට කිසියම් භික්ෂුන් වහන්සේ නමක් මැදිහත් වන්නේනම්, එය වූ කලි මහත් පින් ඇති ව්‍යායාමයක් සේ දකිමි.

:       136       327

janahitha Thursday, 12 April 2018 10:54 PM

මේකනම් හරිම කණගාටුදායක අහන්නවත් කැමති නැති කතාවක්. බොහෝ විට සහෝදරකම තියෙන්නේ ලේවල විතරයි. හදවතේ නැහැ. මේ මනුස්සයා ගහ බැනගන්නේ නැතිව සුසාන භූමියක ඉන්න එකෙන් කරන සේවය අපමණයි. එහෙම නොවූනම් රෝහල,පොලිසිය , උසාවිය, සමාජයට තිබෙන්ඩ තිබුන කරදර ගොඩක් තියෙන්න තිබුනා. කාටවත් කරදරයක් නොමැතිව මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්. එත් කාටවත් නොහැකිද මේ මනුස්සයට යහතින් ඉන්න විදිහක් හදල දෙන්න.

:       0       38

බඩ ගෙඩියා Friday, 13 April 2018 03:59 AM

ධර්ම කරුණු කියල දුන්නට වැඩක් නැහැ මෙතුමගෙන් ගන්න දෙයක් නැහැ.

:       29       9

janis Sunday, 15 April 2018 02:00 PM

මේ මනුෂ්‍යයට උදව්කරන්න පින් සිදුවේවි. ජිවිතයක් මෙහෙම අපරාදේ වෙන්න එපා

:       0       1

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site