(සිරංගිකා ලොකුකරවිට)
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (20) පැවැති මාසික සභා රැස්වීම අවස්ථාවේ දී ජල බවුසර් සම්බන්ධ මතු වූ ගැටළුවක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සභා රැස්වීම හදිසියේ ම ඉදිරි සැප්තැම්බර් 17 වැනි දිනය දක්වා කල් තැබිණි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් ජල බවුසරයක් ලබා ගැනීම සඳහා ලිඛිතව හෝ දුරකථනයෙන් හෝ ඉල්ලීමක් කළ විට දින 07ක කාලයක දී මුදල් ගෙවීමේ සහන කාලයකට යටත්ව ජල බවුසරය ලබාදීම සුදුසු යැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත කේ.බටුවන්තුඩාව මහතාගේ යෝජනාවක් ඉදිරිපත්කළ අවස්ථාවේ දී මෙම තත්ත්වය පැන නැගිණි.
එහි දී සභාපති දිල්රුක් අබේකෝන් මහතා කියා සිටියේ ජල බවුසර් ණයට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නොහැකි බවයි.
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුගත් කලංසූරිය මහතා පසුගිය ඇසළ පොහෝ දිනයේ ගිංතොට ගම්වාසීන් විසින් පැවැත්වූ දේව දානයකට බවුසරයක් ලිඛිතව ඉල්ලා සිටිය දී එම බවුසර ලබා නොදී වෙනත් තැන් දෙකකට ජල බවුසර ලබා දී ඇති බවයි. එම බවුසර ලබාදුන්නේ ලිඛිත ඉල්ලීමකටනම් එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ද මන්ත්‍රීවරයා විසින් දැනුම් දෙන ලදී.
සභාපති දිල්රුක් අබේකෝන් මහතා මේ අවස්ථාවේ දී පවසා සිටියේ දැන් එවැනි ලිඛිත සටහන් සභාවට ඉදිරිපත් කළ නොහැකි බවයි.
''දැන් මේ ලිපිගොනු සභාවට ගේන්න බැහැ. ඒවා ලබන සභා රැස්වීමට ඉදිරිපත් කරන්නම්. ලිඛිතව ඉල්ලන්න. එතකොට මම ඉදිරිපත් කරන්නම්."
මේ අවස්ථාවේ දී සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කොටසක් මේ අවස්ථාවේ දී එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලා සිටිය ද සභාපතිවරයා සභාව කල් තැබීමට කටයුතු කළේය.
සභාව කල්තබන අවස්ථාව වනවිට න්‍යායපත්‍රයට ඇතුලත්ව තිබූ මන්ත්‍රී යෝජනාවලින් සාකච්ඡාවට ගෙන අවසන්ව තිබුණේ අටක් පමණි. කාරක සභා වාර්තා තුනක් සහ ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශ එකතු කළ ආදායම් පිළිබද ප්‍රගති වාර්තා ද සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි