(පාලිත ආරියවංශ සහ සමන් පාලිත)
පවතින වැසි සමඟ ඇතිවු ආපදා තත්වයන් මත සහ ආපදා අවදානම් තත්වයන් මත සිය නිවාස වලින් ඉවත් කළ පවුල් 449 කට අයත් පුද්ගලයන් 1945 දෙනෙක් අවතැන් කදවුරු 9 ක නතර කර ඇතැයි ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර මහතා පැවසීය.
ලුණුගල කඳවුරු 2ක්, බදුල්ල 1ක්, ඌව පරණගම 2ක්, පස්සර 1 ක් හාලඇලි 3ක් ලෙස මෙම කදවුරු ස්ථාපති කර තිබේ. නායයාම් පස්හා ගල් කඩාවැටීම් හා ගස් කඩාවැටීමනිසා දිස්ත්‍රික්කයේ නිවාස 298 කට හානි සිදුව ඇති බවද සදහන් කළේය.
ඒ අතර පූර්ණ හානි සිදුවූ නිවාස ගණන 6 කි. ඒවා ඌවපරණගම නිවාස 2, වැලිමඩ නිවාස 1, හල්දුම්මුල්ල නිවාස 2, රිදීමාලියද්ද නිවාස 1 ලෙස එම නිවාස වාර්තාවී තිබේ.
අනෙක් නිවාසවල ට අර්ධ හානි සිදුව ඇතැයිද උදය කුමාර මහතා පැවසීය.
පස් හා ගල් කඩාවැටීමේ අවධානම ඇල්ල-වැල්ලවාය සහ බදුල්ල - පස්සර මාර්ගවල පවතින බවද අවධාරණය කළේය. ආරක්ෂිත පියවරක් ලෙස බදුල්ල-පස්සර මාර්ගය සවස 6-00 සිට වසා තැබීමටද තීරණය කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බදුල්ලේ පවුල් 499 ක පිරිස් අවතැන් කඳවුරු 9ක