IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දිඹුලාගල නා හිමිගේ පිළිරුවක් මනම්පිටිය සීලපුරදී විවෘත කරේ

( නිමල් ජයරත්න)

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසු අපවත් වි වදාළ  දිඹුලාගල නා හිමි හෙවත් මාතර කිතලගම සිරි සීලාලංකාර නායක මා හිමිපාණන්ගේ   ජිවමාන ප‍්‍රමාණයේ ප‍්‍රතිමාව මනම්පිටිය සීලපුර මංසන්ධියේදි ශ‍්‍රි ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  විවෘත කෙරිණි.
 
උතුරු නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් දිඹුලාගල උතුරු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මනම්පිටිය මාගංතොට ශ‍්‍රි ධර්මරාජ විහාරාධිපති අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික නාමල් ප‍්‍රනාන්දු මහතා ඇතුලූ රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් දිඹුලාගල නාහිමි පිළිරුව විවෘත කෙරිණි.
 
වෙඩි වැදිමෙන් අපවත් වු දිඹුලාගල නාහිමියන් රට ජාතිය ආගම වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කළ සංඝ පිතෘවරයාණන් නමකි.
 
මාදුරුඔය ජලාශය ඉදිකිරිමේ පුරෝගාමියා වු දිඹුලාගල නාහිමියන් ගොවිජනපද මෙන්ම වෙහෙරවිහාර, පාසල්, පංසල්, මංමාවත්, ඉදිකරමින් මෙරටේ වැඩිම භික්ෂු පරපුරක් ශාසනයට ඇතුළත් කර ගත් හිමිනමකි.
 
මෙම අවස්ථාවට පළාතේ ගරුතර මහා සංඝරත්නය සහ පොළොන්නරු දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේසේකර ප‍්‍රාදේශිය සභා සහ පළාත් සභා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රාජ්‍ය අංශ ප‍්‍රධානින් මෙන්ම ත‍්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුලූ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (1)

දිඹුලාගල නා හිමිගේ පිළිරුවක් මනම්පිටිය සීලපුරදී විවෘත කරේ

lalithm Wednesday, 08 January 2020 09:59 AM

1968දි මම පොඩි කලේ දිඹුලාගල ගිය වරෙක කිතලගම හාමුදුරුවෝ හමුවුණා. අපි දින දෙකක් එහෙ ඉඳල රූස්ස කැලේ මැදින් කන්දත් නැග්ග. ඒ කාලේ ආදිවාසී දරුවන් සඟරුවනේ පැවිදි කර පළාතේ දුගී මිනිසුන්ගේ දානයෙන් දුෂ්කරව ගතකල දිවිය මට යන්තම් මතකයි. විදුලිය තිබුනෙත් නැහැ. පිට පළාත්වලින් විශේෂයෙන්ම මාතර පළාතෙන් ගම් පළාතෙන් වන්දනා නඩ ආවාලු. ලඟදි දිඹුලාගල ගියාම අඳුනගන්නවත් බැරි විදියට වෙනස් වෙලා. අහස් මාලිගාව කියල හදපු තැන නොවේ අපි ඉස්සර ගිය ගුහාවල් එහෙම තිබුනේ. ඉන් එහා කන්දේ. හරිම උත්සාහවත් නිර්භීත සංඝ පීතෘවරයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site