(සිතුම් චතුරංග)
යාපනය , පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී යාපනය, මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථයක් අද(16) දහවල් අනතුරට ලක්වීමෙන් නගරස සභා ගිනි නිවන භටයකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි කෝපායි පොලිසිය පවසයි.
ගිනි නිවීමේ රථය පේදුරුතුඩුව ප්‍රදේශයේ හටගත් ගින්නක් නිවාදැමීම සඳහා ගමන්කරමින් සිටියදී රථය පාලනය කරගැනීමට නොහැකිව පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් ගිනි නිවීමේ රථයේ ගමන්කළ යාපනය නගර සභාවේ ගිනිනිවන භටයකුවූ ආරියරත්නම් සක්‍යරාජා නැමති 34 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයටපත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබූ රියදුරු සහ සෙසු ගිනිනිවන භටයා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබේ.
පොලිසිය පැවසූයේ ඉදිරිපස රෝදයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් ගිනි නිවන රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර එය අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් ඇති බවත්ය.
මියගිය පුද්ගලයාගේ සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේදී සිදුකිරීමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිනිනිවන රිය පෙරැළී අයෙක් මරුට :දෙදෙනකු රෝහලේ