(ඩී.ජී.සුගතපාල)
කුකුල් මස් වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන්, පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් “මාවා” නමැති මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය පැකට් 75ක් සහ ඒවා සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය සමඟ අද(20) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා දුම්කොළ, පැණි, ආනයනය කළ පුවක් සහ රසකාරක කුඩු ආදිය කිලෝ 10ක් ද සැකකරු සමග සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් දෙකක් ආසන්නයේ සරෙන්තු කඩේ හන්දියේ කුකුල් මස් වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් සැකකරු කලක පටන් මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාපිටිය පදිංචි 46 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
පොලිසිය සැකකරුගේ නිවස වටලන අවස්ථාවේ සැකකරු මෙම මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි බවත් එක් පැකැට්ටුවක් රුපියල් 100කට අලෙවි කරන බවත් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුකුල් මස් වෙළඳාමේ මුවාවෙන් සිසුන්ට ‘මාවා’ විකුණලා