IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අලුත්ගම- දර්ගා නගරයේ ආපනශාලා 18කට නඩු

(තුසිත කුමාර ද සිල්වා)
 
අලුත්ගම සහ දර්ගානගරයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර අලෙවි කළ ආපනශාලා 18ක හිමිකරුවන් අද(25) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පවසයි.
 
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන ආයතනවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කළ වැටලීමකදී මෙසේ නඩු පවරා තිබේ.
 
ආපනශාලා සහ උත්සව ශාලා 50කට අධික සංඛ්‍යාවක් වටලමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද සිංහබාහු මහතා කියයි.
 
මෙම වැටලීමේදී අලුත්ගම නගරයේ ඉතා පිරිසිදුව පවත්වාගෙන ගිය ප්‍රධාන අපනශාලා දෙකක් මාසයක කාලයකට වැසීමට කටයුතු කිරීමට අධිකරණය වෙත යොමු කර ඇත.
 
බොහෝ ආපනශාලාවල අමු මස් වර්ග සමඟ අයිස්ක්‍රීම් ගබඩා කිරීම, පුවත්පත්වල ඔතා ආහාර ගබඩා කිරීම, පිසූ ආහාර එකට තැබීම, වසර ගණනක් පැරණි පිසීමේ වළං හා හට්ටි ආදී භාවිතා කිරීම, අපිරිසිදු ලෙස ආහාර සැකසීම, අපිරිසිදු තත්වයේ ජලය භාවිත කර ආහාර පිසීම, රසායනික ද්‍රව්‍ය බහාලු ප්ලාස්ටික් බැරල් තුළ ජලය ගබඩා කර තිබීම වැනි කරුණු සැලකිල්ලට ගෙන මෙම හෝටල් අවන්හල හා උත්සව ශාලා හිමිකරුවන් අධිකරණයට පැමිණවීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කරයි.
 
මෙම වැටලීමට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජී සිංහබාහු ,කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.පී.සී රෝහණ ,බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන උමේක ,ගිහාන්, මාලින්ද යන මහත්වරු ඇතුළු 35දෙනෙක් මෙම මෙහෙයුමට එක්වූහ.



අදහස් (0)

අලුත්ගම- දර්ගා නගරයේ ආපනශාලා 18කට නඩු

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site