(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් සිදුකරන මහා පරිමාණ මුදල් වංචාකිරීම්වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
ලොතරැයි දිනුම් ලබා ඇති බව පැවසීම, රාජ්‍ය නොවන සංවිධානයක් යැයි පවසමින් ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලබාදෙන බව පැවසීම, විදෙස් කාන්තාවක බව අඟවමින් ඇය සතු මුදලක් ලංකාවේ ආයෝජනය කිරීමට සහාය ඉල්ලා සිටීම, ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ අදාළ පාරිභෝගිකයා නමින් රේගුව වෙත යොමු කර ඇති බව පැවසීම ආදී නොයෙකුත් ආකාරයෙන් මුදල් වංචා සිදුවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
එම දේපළ සහ මුදල් ලබාගැනීමට මූලික වශයෙන් මුදලක් අවශ්‍ය බව පවසා සූක්ෂම ආකාරයෙන් මෙම වංචාකරුවන්ගේ ගිණුම්වලට මුදල් ලබාගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.