(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයමාල් චන්ද්‍රසිරි තිස්සමහාරාමයේ සිට)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) උදෑසන තිස්සමහාරාම සදගිරි උභය රජ මහ විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.
එහි විහාරාධිපති හා හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝ නායක දේවාලේගම ධම්මසේන හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන යන නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයද එහිදී ඒ මහතාට සෙත් ප්‍රාර්ථනා කර පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා එම විහාරස්ථානයේ කෞතුක ධාතූන් වහන්සේලා ද වැද පුදා ගත්තේය.




(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි )




(ඡායාරූප -ක්‍රිෂාන් ජීවක ජයරුක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පින්තූර දැක්කම හිතෙනවා ජනාධිපති අපේක්ෂකයකුට වයස් සීමාවක් දැමිය යුතුමය කියලා. මේ රට මේ වගේ වයසක පුද්ගලයන්ට භාරදිය යුතුද? මොවුන් දැන් ගෙදර සිටිය යුතු කාලය නොවේද? අපේ මුදල් වියදම් කරමින් දැනට දවස් කීයක් මොවුන් වන්දනාවේ යනවාද ?
දැන් තමයි පන්සල් මතක් වෙලා තියෙන්නේ.ඔය පිරිත් නූල් බඳින අයටත් ලැජ්ජා නෑ