(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක පැතිර යන ‘කළු කොඩයි’ ලෙස හැඳින්වෙන කූඹි විශේෂයක් හේතුවෙන් ගොවීහු මහත් අපහසුතාවට පත්ව සිටිති.
ශාකවල කූඩු ඉදිකර ගනිමින් දහස් ගණනක් බිත්තර දමා රැඳී සිටින කළු කොඩයි හේතුවෙන් වගා රැසක අස්වනු නෙළීමට නොහැකිව, මෙම කූඹීන්ගේ පහරකෑමට ලක්ව ඇති බව ගොවීහු කියා සිටිති.
වර්ෂා සමයට ඔරොත්තු දිය හැකි පරිදි සිය නිවාස තනා ගැනීම සඳහා මොවුන් තේක්ක, කජු වැනි ශක්තිමත් ශාක යොදා ගන්නා බවද, අඹ, පේර, ගස්ලබු වැනි ශාකවලද, කූඹි විශේෂය බෝංචි, මෑ, කරල්, වැටකොළු ආදී වගාවලට ද පැතිර යමින් පවතින බවද නාඋල ගොවීහු කියා සිටිති.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරු කියාසිටියේ මෙම කුඹි විශේෂයෙන් වගාවන්ට හානි සිදුනොවන බැවින්, අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි. විවිධ කෘමීන් ආහාරයට ගනිමින් ජීවත්වන මෙම කූඹි විශේෂය සතුරාට කණ්ඩායම් වශයෙන් පහදීම් සිදුකරන බවත් ඔවුහු පැවැසූහ.




2025 දෙසැම්බර් මස 04
634
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කළු කොඩයි’ කූඹියෝ නාඋල ගොවීන්ට පහරදෙති