IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හොරෙන් බුරුත දැව ප්‍රවාහනය කළ කැබ් රියක් අනතුරකට

(සිතුම් චතුරංග)

වවුනියාව සේමමඩු රක්ෂිතයේ සිට නීතිවිරෝධී අයුරින් බුරුත දැව ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අද (15) උදෑසන යාපනය - නුවර ඒ 9 මාර්ගයේ තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බව වවුනියාව පොලිසිය කියයි.

සේමමඩු රක්ෂිතයේ සිදුවන දැව ජාවාරමක් පිළිබඳ වවුනියාව දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත පොලිස් මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදී එම මාර්ග බාධක මගහැර ධාවනය කිරීමට උත්සහ කළ කැබ්රථය මෙලෙස අනතුරට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

කැබ් රථයේ නීතිවිරෝධීව කපන ලද බුරුත දැව කඳන් 9 ක් පටවා තිබූ අතර පොලිසිය මඟහැරයෑමට කැබ්රථය අතුරු මාර්ගයකට හැරවීමට උත්සහ කිරීමේදී කැබ්රථයේ රෝදයක් ගැලවීගොස් ඇති බව පොලිසිය පවසයි.

කැබ්රථය අනතුරට පත්වීමෙන් පසුව බුරුත දැව කඳන් තොගය රැගෙනයාම සඳහා තවත් කැබ්රථයක් පැමිණ ඇති අතර පොලිසිය පැමිණීමත් සමඟ අනතුරට පත් කැබ්රථයේ රියදුරු ද සමග එම කැබ් රථය පලා ගොස් ඇති බව පොලිසිය කීය.

වවුනියාව පොලිසිය පැවසූයේ දීර්ඝ කාලයක සිට මෙම දැව ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර වවුනියාව ප්‍රදේශයේ දැව මඩු සඳහා මෙලෙස බුරුත දැව කඳන් ප්‍රවාහනය කරන බවය.

අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බවද පොලිසිය පැවසීය.

පැනගිය සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.           



අදහස් (0)

හොරෙන් බුරුත දැව ප්‍රවාහනය කළ කැබ් රියක් අනතුරකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 663 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site