IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් ළඟ තබාගත් අයෙකුට මරණ දඬුවම

(තිළිණි ද සිල්වා)
 
හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන්  වරදකරු වූ අයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (13)  මරණ දඬුවම නියම කළේය.
 
මෙලෙස මරණ දඬුවම් නියම වූයේ කොළඹ, අලුත්කඩේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සිමියොන් විල්සන් නැමැති 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුටය.
 
2018 වසරේ පෙබරවාරි මස 18 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අලුත්කඩේ ප‍්‍රදේශයේ කළ වැටලීමකදී මත්කුඩු ග‍්‍රෑම් 60 .73 ක් සහ ගංජා ග‍්‍රෑම් 12.18 සන්තකයේ තබාගෙන සිටියදී මොහු අත්අඩංගුට ගෙන තිබුණි.
 
පසුව හෙරොයින් හා ගංජා සන්තකේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ  විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
 
තීන්දුව අද(13) ප‍්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හෙරොයින් සහ ගංජා සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එල්ල කර තිබූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර ඇති බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුට හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම සහ ගංජා ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම චෝදනා වලට වරදකරු කරමින් වසරක් බැගින් සිර දඬුවම් නියම කරන බව විනිසුරු වරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.
 



අදහස් (0)

හෙරොයින් ළඟ තබාගත් අයෙකුට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6116 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site