
(වසන්ත චන්ද්‍රපාල)
වැලිකඩ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 09 ක් සහ අයිස් මිලිග්‍රෑම් 400 ක් සමඟ අද (27) අත්අඩංගුවට ගත්බව දමන පොලිසිය පැවසීය.
පොලිසියට ලද තොරතුරුකට අනුව හිගුරාන සීනි කර්මාන්ත ශාලාව අසලදී හෙරොයින් සමඟ මෙම නිලධාරියා අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පසුව පොලිසිය විසින් අම්පාර පොලිස් නිල සුනඛ අංශයේ නිල සුනඛයින් යොදවා පොලිස් සැරයන්වරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් ග්‍රෑම් හයක් , කුඩා විද්‍යුත් තරාදියක් සහ මත්කුඩු පානය කිරීමට ගන්නා කුඩා බටයක් සොයා ගෙන තිබේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය රුගෙන පැමිණ ඇති බවද පොලිස් පරීක්ෂණලදි තහවුරු කරගෙන ඇතිබව පොලිසිය කීය.
දැනට මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට කටයුතු සිදුකරන බවත් දමන පොලිසිය පැවසීය.

2025 දෙසැම්බර් මස 18
198
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් සමඟ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට