(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේ දී  රුපියල් 20,000 පමණ වටිනා   හොරෙයින් මත්කුඩු   සමග කළුගල් මෝලක   හිමිකරුවෙක්    අද   (28) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි .
 
එම සැකකරු සමඟ මත් කුඩු මිලිග්‍රෑම්  1300 හා ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත .

පෙරේදා  27 කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේදී  මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සමඟ  අත්අඩංගුවට ගත්  ගැබිණි කාන්තාවගෙන් රඳවා ගැනීමේ නියෝග මත   සිදුකළ ප්‍රශ්න  කිරීමේදී  අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව  පොලිසිය කියයි .