(දිලීප් ජයසේකර)
ඇදිරි නීතිය පැවති අවස්ථාවේ හුංගම වාඩිගල සති පොළ පිටු පස සිට හෙරොයින් මත් කුඩු පැකට් කරමින් සිටි සැකකරුවෙකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 240ක් සමග මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිළධාරීන් විසින් අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රන්න කහදුවේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
සැකකරු ඇදිරිනීතිය පැවති අද (31) දිනයේ වාඩිගල සතිපොල පිටු පස ස්ථානයක සිට හෙරෙයින් මත් කුඩු පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 240ක් බරැති පැකට් 22ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු කලක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත ඇති පුද්ගලයෙකු බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරිම් වලදී හෙරොය්න ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක්ද අනාවරණය කරගැනිමට පොලිසිය සමත් වි තිබේ.සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා හුංගම පොලිසියට බාර දි තිබේ.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හුංගම සති පොළක් පිටුපස හොරොයින් පැකට් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට