IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිමිදුරාව ආසාදිතයා ඇසුරු කළ 65ක් නිරෝධායනයට

වසන්ත චන්ද්‍රපාල

අම්පාර හිමිදුරාව සහ දෙහි අත්තකණ්ඩිය කුඩාගල ගම්මානයෙන් හමුවු කොරෝනා ආසාදිත වු නාවික හමුදා නිළධාරින් දෙදෙනා ලගින් ඇසුර කරන ලද පුද්ගලයින් 65 දෙනෙකු අම්පාර කොණ්ඩුවටුවාන යුධ හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව අම්පාර ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පැවසිය.

හිමිදුරාව ගම්මනායේ 36 දෙනෙක් සහ පන්නල්ගම ගම්මානයේ තිදෙනෙක් සහ දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ගම්මානයේ 26 දෙනෙක්ද මෙලෙස නිරෝධායනයට යොමුකර තිබේ.

මෙයට අමතරව මෙම නිරෝධායනයට යැවු පිරිස ඇසුරු කරන ලද පුද්ගලයින් 300 ක් පමණ නිවෙස් වලම නිරෝධායනය කල බව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චනිත් පේදුරැආරච්චි මහතා පැවසිය.

මෙසේ නිවෙස්වල නිරෝධායනය සදහා යොමු කර ඇත්තේ කුඩාගල , සුරියපොකුණ,හුලංබදනාගල යන ගම්මානවල පිරිසක් බවද සදහන් කලේය.


මෙට අමතරව හිමිදුරාව නාවික හමුදා ගමන් නිළධාරියා කල ස්ථානවල සිටි 26 දෙනෙකු නිවෙස් වලම නිරෝධායනයට යොමුකර තිබේ.

උහන ජාතික ඉතිරි කිරිමේ බැංකුවට ඔහු පැමිනි අවස්ථාවේ එහි සිටි පිරිස් සහ බැංකු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ද මෙසේ නිරෝධායනයට යොමුකර ඇති බව උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා පැවසිය.


මෙසේ නිරෝධායනයට ලක්වන්නේ උහන , උහන තිස්සපුර,සියඹලාවැව, නුගේලන්ද,උදයගිරිය යන ප්‍රදේශවල පිරිසක් බවද පැවසිය.

මෙම පුද්ගලයා ගමන් ගත් බස් රථයේ සිටි පිරිස් පිලිබදව තොරතුරැ සොයා ගෙන ඇති අතර එම පිරිස හෙට 02 දිනයේ නිරෝධායනයට යොමු කරන බවද පැවසිය.

තවදුරටත් මෙම පුද්ගලයා ඇසුර කල අය සහ ඔහු ගමන් කරන් ස්ථාන දන්නේ නම් උහන සෞඛ්‍ය වෛද්‍ය නිළදාරි කාර්යාලයට හෝ උහන පොලිස් ස්ථානයට , ග්‍රමා නිළධාරි මහතාට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලිමක් කලේය.



අදහස් (0)

හිමිදුරාව ආසාදිතයා ඇසුරු කළ 65ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site