හිරාන් ප්‍රියංකර ජයසිංහ
පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් ප්‍රියන්ත මහතා ගමන් කරමින් සිටි ජීප් රථයේ ගැටි යතුරු පැදිකරුවකු බරපතල තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
ආණමඩුව හලාවත මාර්ගයේ උප්පලවත්ත සුසාන භුමිය ආසන්නයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු හිටපු මන්ත්‍රිවරයාගේ ජීප් රථයේ ගැටි එක් අයකු බරපතල තුවාල ලබා සිටි බව කියයි.
මෙම අනතුරින් යතුරුපැදිය පැදවු 38 හැවිරිදි අවිවාහකයකු බරපතල තුවාල ලබා තිබිණි.
තුවාලකරු ආණමඩුව රෝහලට ඇතුලත් කිරිමේන් පසුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු බවත් කියයි.
පුත්තලම රෝහලේ සිටි තුවාලකරුගේ තත්වය බරපතල විමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
අනතුර ආණමඩුව පොලිස් වසම තුළ සිදුව තිබුණද මන්ත්‍රිවරයා ගමන් ගත් ජිප් රථය අනතුරින් පසුව හලාවත දෙසට නොනවත්වා ධාවනය කරමින් තිබියදි ජීප් රථය කාර්මික දෝෂයකට ලක්වි පල්ලම පොලිසියට පැමිණ ඇති බව කියයි.
කෙසේ වෙතත් අනතුරින් බරපතල තුවාල සිදුව සිටි තැනැත්තා ගම්වාසින් විසින් රෝහල් ගත කිරිමට කටයුතු කර තිබුනී.
මෙම අනතුරට ලක්වු යතුරු පැදියේ ගමන් ගත් අනෙක් තැනැත්තාට කිසිදු තුවාලයක් සිදුව නැති බව කියයි.


2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හිටපු මන්ත්‍රී ගමන් කළ රියේ ගැටුණු යතුරුපැදිකරුට බරපතලයි
Damunupola Naththandiya Monday, 25 May 2020 11:41 AM
මේ අනතුර සිදුකළ ජීප්රියට අංකයක් නැද්ද?