Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2021 මාර්තු මස 09 වන අඟහරුවාදා
(රංජිත් රාජපක්ෂ)
යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක අද (17) පස්වරුවේ හටගත් ගින්නකින් එම වන වගා රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වත්තට අයත් යුකෙලේප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්න හටගෙන ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම වන වගා රක්ෂිතයේ සැරිසරන සතුන් දඩයම් කිරීම සදහා ආ කිසියම් පිරිසක් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු කියති.
රජයේ රක්ෂිතවලට සහ තේ වතු ආශ්‍රිත වන වගා රක්ෂිත වලට ගිනි තබන අය පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස හැටන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි ගිනි තැබීම් නිසා විශාල පරිසර හානියක් මෙන්ම එම රක්ෂිත හරහා ගලා බසින ජල උල්පත්ද සිඳී යාමේ අවධානමට ලක් වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.