(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුත්තලම ඒ4 මාර්ගයේ බුලංකුලමේදී යුද හමුදා කැබ් රථයක් සහ පා පැදියක් ගැටීමෙන් වූ අනතුරකින් පාපැදිකරු අද(13) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ බුස්ස,කොඩිගල පදිංචි මාදම්පගේ කසුන් මධුරංග(25)නැමති අයෙකි.
පාපැදිය අනුරාධපුර සිට නොච්චියාගමටත්, කැබ්රථය නොච්චියාගම සිට අනුරාධපුර දෙසටත් ධාවනයවෙමින් තිබූ බව පොලිසිය කියයි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබු තැනැත්තා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
කැබ් රථයේ හමුදා රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර,ඔහු අද(13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd