(සනත් ගමගේ)
හම්බන්තොට අලුතින් ඉදිකළ නව මහ රෝහලේ හෙද හෙදියන්ගේ නේවාසික පහසුකම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් මුල්කර ගනිමින් හම්බන්තොට මහ රෝහලේ හෙද හෙදියෝ අද (16) වැඩ වර්ජනයක නියැලුණහ.
නව මහ රෝහල නිල වශයෙන් මීට මාස තුනකට පමණ පෙර විවෘත කළද වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ යම් යම් ඉල්ලීම් හේතුකර ගෙන රෝහල තවමත් ජනතාවට සේවා සැපයීමට විවෘත කිරීමට බලධාරින්ට නොහැකි වී තිබේ.
අලුතින් ඉදිකළ නව මහ රෝහලේ හෙද හෙද හෙදියන් සඳහා වෙන්කර ඇතැයි කියන නේවාසිකාගාර රෝහලේ පැය අටේ සේවය කරන උසස් නිලධාරීන්ට වෙන් කිරීම හේතුවෙන් නව මහ රෝහලට සේවය සඳහා යෑමට නොහැකි බව පවසා මීට පෙරද හෙද හෙදිෙයා් විරෝධතාවයක යෙදුණහ.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය රවීන්ද්‍ර අබේසූරිය මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා කියාසිටියේ හෙද හෙදියන්ගේ නව මහ රෝහලේ නේවාසික ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සැප්තැම්බර් 27 වැනිදා ලබාදී තිබියදීත් අද (16) වැඩ වර්ජනයක නියැලි සිටින බවයි.
හෙද හෙදියන්ගෙන් කොටසක් සේවයේ නියැලී සිටින අතර තවත් කොටසක් වාත්තීය ක්‍රියාමාර්ග ලෙස සේවයෙන් වැළකී සිටින බවත් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd