(සනත් ගමගේ)
හම්බන්තොට පැරණි කච්චේරි සංකීර්ණය පිහිටා තිබූ ස්ථානයේ පිහිටි පෞරාණික ගොඩනැගිලි නිසි ලෙස සංරක්ෂණය නොවීම හේතුවෙන් එම ස්ථානය අභාවයට පත්වෙමින් ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද මහතා පැවසීය.
හම්බන්තොට හිටපු ප්‍රසිද්ධ උප ඒජන්තවරයෙකු වන ලෙනාඩ් වුල්ෆ් මහතා සිටි දිසාපති බංගලාව, වර්තමාන දිසාපතිවරයා සිටින ස්ථානය, පැරණි එල්ලුම් ගහ, හම්බන්තොට පැරණි උසාවි සංකීර්ණය හා නඩු ඇසීම් කළ ශාලව, පැරණි ස්මාරක ඇතුළු ඉතා වටිනා ස්ථාන රැසක් මෙම භූමියේ පිහිටා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් මෙම ස්ථානයේ රුහුණු උරුමය පිළිබඳව කෞතුකාගාරයක්ද පවත්වාගෙන යනු ලැබේ.
මේවායින් ඇතැම් ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා නිසි ලෙස නඩත්තු නොවීමත් සංචාරකයින්ට නැරඹීමට තරම් අවශ්‍ය පහසුකම් සලසා නොතිබීමත් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවෙන් මෙම ස්ථානයට නිසි ලෙස නිලධාරීන් යොදවා නැතිවීමත් ගැටළුවක් වී ඇති බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා කීය. දිනෙන්දින මෙම ස්ථාන අභාවයට පත්වෙමින් ඇති බවත් මහ නගර සභාවට හෝ මෙම ස්ථාන පවරාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගතයුතු බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී ප්‍රකාශ කලේය.
එල්ලුම් ගහ පිහිටි ස්ථානයට යන මාර්ගය සකසා තිබුනද එම මාර්ගයේ දෙපස කටුඅන්දර වැවී ඇති හෙයින් එල්ලුම් ගහ නැරඹීමට පෙර කටු අන්දර කැළයේ එල්ලී සිටීමට සිදුවන බව නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දන්වා යැවීමට කටයුතු කරන බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හම්බන්තොට පැරණි කච්චේරිය ආශ්‍රිත ගොඩනැගිලි අභාවයට යන ලකුණු
D N Priyantha Wednesday, 10 April 2019 12:34 PM
මෙම ස්ථානය සංරක්ෂණය කල යුතුය.