(ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල අකුරැස්ස මාර්ගයේ නුගදුව ප්‍රදේශයේ දී හදිසි අනතුරකට ලක්ව මියගිය බවට සැකකරන  පිරිමි අයකුගේ මළ සිරුරක් අද (18) උදෑසන මාර්ගය අසල තිබී හමුවූ බව අක්මිමන පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් 60ත් අතර වියේ පසුවන්නෙකි. මොහු සරමකින් හා කමිසයකින් සැරසී සිට ඇති අතර මෘත දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

මියගිය පුද්ගලයාගේ මළ සිරුරු අද උදැසන 6.00ට පමණ හමුවි ඇති අතර මොහු යාචකයකු බවට පොලිසිය සැක කරයි.  
රිය අනතුරකට ලක්ව මොහු මියගොස් ඇති බවට සැක කරයි.