IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සොරෙකු සොයන්න දඹුල්ල පොලීසිය මහජන සහය පතයි

(කාංචන කුමාර ආරියදාස)

රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ සැරි සරමින් වෙළඳසැල් වලට ඇතුළුවී මුදල් සොයන  සොරෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දඹුල්ල පොලීසිය මහජන සහය පතයි.
 
දඹුල්ල නගරයේ ස්ථාන ගණනාවකට ඇවිද යමින්  ඊයේ (27)  මධ්‍යම රාත්‍රියේ වෙළඳසැල් දෙකක් කඩා ඇතුළු වී මුදල් සෙවීමේ කටයුතු කර ඇති  මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
 
මෙම පුද්ගලයා දන්නා අයෙක් වෙතොත් දඹුල්ල මූලස්ථාන පොලීසියේ 066 - 22 84722 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ද දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක  එස්. පි. එදිරිසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
දඹුල්ල බස් නැවතුම්පළ ඇතුළත ඇති ආපනශාලාවක වීදුරුවක් ගල්වලින් ගසා කඩා ඒ තුළට ඇතුළුවී එහි තිබූ  මුදල් ප්‍රමාණයක් රැගෙන ගොස් ඇතැයි වෙළඳසැල් හිමිකරු කියයි.
 
එදිනම රාත්‍රියේ දඹුල්ල නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලකට ද ඒ ආකාරයෙන්ම ඉදිරිපස වීදුරුව කඩා ඇතුළු වී එහි මුදල් සෙවීමේ කටයුතු සිදුකර ඇති බවද පොලිසිය කියයි.
 
මෙම සැකකරු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් දඹුල්ල නගරයේ සහ අවට ප්‍රදේශවල යෙදවූ බවත් යම් අයකු මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරක් දන්නේ නම් දඹුල්ල පොලිසියට හෝ ළඟම ඇති පොලීසියට ඒ බව  දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.
 



අදහස් (0)

සොරෙකු සොයන්න දඹුල්ල පොලීසිය මහජන සහය පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 136 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site