IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට

(නවරත්න සමරතුංග)
 
අම්පාර දිස්ත‍්‍රික්කයේ සේනානායක සමුද්‍රය ආශ‍්‍රිත ජල පෝෂක ප‍්‍රදේශවලට මේ දිනවල ලැබෙන වැසි හේතුවෙන් එහි ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ. ලියනගේ මහතා පැවසීය.

අද(28) අක්කර අඩි 80, 200යක ජල ප‍්‍රමාණයක් එකතුවී ඇති බවද ඒ මහතා කීය.

පසුගිය කාලයේ නැගෙනහිර පළාතට බලපෑ නියඟය නිසා අක්කර අඩි 12,000 දක්වා මෙම ජලාශයේ ජලය සීඝ‍්‍රයෙන් පහත වැටී තිබිණි.
 
ඒ අනුව අම්පාර දමන දකුණු ඉවුර සහ උහන වම්ඉවුර ඇතුළු අන්තර් පළාත්වල වී වගා කටයුතුවලට අවදානම් තත්වයක් උදාවී තිබිණි. එහෙත් මෝසම් වැසි ලැබීමෙන් එහි සමස්ත ජල ධාරිතාවය දැන් 10%ද ඉක්මවා ඇති මට්ටමක පවතින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා කීය.
පසුගිය කාලයේ පැවති ජල හිගය සැලකිල්ලට ගෙන කඩින්කඩ පැවති වැස්සත් සමග ගොවි බිම් සකස් කරගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දී තිබුණ අතර සමන්තුර සහ අක්කරපත්තුව වැනි ප‍්‍රදේශවල ගොවීන් පමණක් බිම් සකස්කරගෙන තිබිණ. එහෙත් අම්පාර දිස්ත‍්‍රික්කයේ වම් සහ දකුණු ඉවුරුවල ගොවීන්ට බිම් සකස් කරගැනීමට නොහැකිව ප‍්‍රමාදයට ලක්විය.
 
මේ සම්බන්ධව වම්ඉවුර ව්‍යාපාරයේ නේවාසික කළමනාකරු ක‍්‍රිස්ටි දේවප‍්‍රිය මහතා අදහස් දක්වමින් කියාසිටියේ කන්න රැස්වීමේදී ගත් තීරණවලට අනුව ඔක්තෝබර් 1 දින සිට 21 දන දක්වා කාලයේ බිම් සකස්කර වී වපුරා අවසන් කිරීමට නියමිත වූ බවය.
 
කඩින් කඩ වැසි පැවතුණත් ගොඩට හාන්නට නොහැකි වීමෙන් හා වතුර නැතිව බිම් සකස් කර ගැනීමට නොහැකිවූ බැවින් නැවත කන්න රැස්වීම් තබා ගොවීන් රැස්කර ගෙන දින වෙනස් කරගැනීමට තීරණය කළ යුතුව ඇත.
 
එහෙත් ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට මැතිවරණයක් පවතින මෙවන් අවදියක රැස්වීම් පැවැත්වීම සුදුසු නොවන බැවින් අදාළ නිලධාරීන් සහ ආයතන ප‍්‍රධානීන් දෙදෙනා බැගින් කැඳවා දිසාපතිවරයාද සම්බන්ධ කරගෙන දින වෙනස් කළ බව ඔහු කීය. ඒ අනුව ඔක්තෝබර් මස 1 දින සිට නොවැම්බර් 10 දක්වා කාලය තුළ දමන සහ උහන ව්‍යාපාරවල ගොවිතැන් කිරීමට මෙසේ දින වෙනස් කරගෙන ඇත. 



අදහස් (0)

සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site