IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සූරියවැව ගංජා හේන් 4 ක් වටලයි

 

(දිලීප් ජයසේකර)

සෙවනගල පොලිස් බල ප්‍රදේශයට අයත් සුරියවැව කිරිඉබ්බන්ආර මාර්ගයේ නුගේගලයාය ප්‍රදේශයේ ගංජා හේන් 4ක් හා පැළ තවාන් දෙකක් සොයා ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද (19) සමත්වී තිබේ.


සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
 
නුගේගලයාය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය පිටුපස පිහිටි විදුලි වැටේ සිට මීටර් 70ක් පමණ  කැලෑවට වන්නට මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් තිබුණි.වැටලීම සිදුකරන අවස්ථාව වන විට එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර එහි තිබී අඩි එක හා අඩි එකහමාර ප්‍රමාණයේ උසකින් යුත් ගංජා ගස් සහිත පර්චස් 30,32,35 හා 38 ප්‍රමාණයේ ගංජා හේන් හතරක් සොයාගෙන තිබේ.මීට අමතරව ඒ ආසන්නයේම තිබී ගංජා පැළ 16000ක් සහිත ගංජා තවාන් දෙකක්ද සොයාගෙන ඇත.
 
සැකකරුවන් කලක් තිස්සේ මේ ස්ථානයේ ගංජා වගාව සිදුකරගෙන ගොස් තිබේ. ගංජා වගාවට වතුර ගැනීම සදහා සැකකරුවන් ළිඳක්ද කපා, ලී දඩු යොදා ගනිමින් මහල් දෙකකින් යුතුව පැලක්ද ඉදිකර තිබු අතර එහි තිබී සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් භාවිතා කරන ඇඳුම් කොටස්ද සොයාගෙන තිබේ. කලක් තිස්සේ සැකකරුවන් කිසිදු බාධාවකින් තොරව මෙහි ගව ඝාතනය ඇතුළු ජාවාරම් රැසක් සිදුකරගෙන ගොස් ඇති බවට මෙහි සාක්ෂි ඉදිරිව තිබු බව වැටලීම් නිලධාරීහු පැවසූහ.
 
සැකකරුවන් සොයා පොලිස් විශෞෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරිමට ගංජා පැළ සාම්පල ලබා ගැනීමෙන් පසු ඉතිරි ගංජා පැළ ගලවා විනාශ කර තිබේ.



අදහස් (0)

සූරියවැව ගංජා හේන් 4 ක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site