(වසන්ත චන්ද්‍රපාල)

පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අම්පාර ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය පවසයි.

ක්‍රීඩා තරගවලට සහභාගී වීම සඳහා ශාරිරික යෝග්‍යතාවය බැලීමට ගිය සිසුවියන් සිව් දෙනෙකු මෙසේ අපයෝජනයට ලක්කර තිබේ.

එක් සිසුවියක් අපයෝජනයට ලක් කරන අවස්ථාවේ එම සිසුවිය කෑ ගසාගෙන පැමිණ අනෙක් සිසුවියන්ට පවසා ඇති අතර පසුව ඒ පිළිබඳව ගුරුවරුන්ට පැමිණිලි කර ඇත.

පසුව ගුරුවරුන් විසින් මේ පිළිබඳව පොලීසියට  පැමිණිලි කිරිමෙන් පසුව  උහන පොලිස් ස්ථානයේ නිළධාරින් පැමිණ වෛද්‍යවරයා අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධියට උරණ වු ප්‍ර‍දේශවාසින් රෝහලට එක්වී වෛද්‍යවරයාට විරෝධය පෑමත් සමඟම එම ස්ථානයේ  උණුසුම් තත්වයක් ඇතිවිය.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.