(කාංචන කුමාර ආරියදාස)
පාසැල් සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද, දඹුල්ලේ පාසලක ගුරුවරයකු නොවැම්බර් 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(31) නියෝග කළේය.
බන්ධනාගාර ගත කර ඇත්තේ පාසලේ සංගීත විෂය උගන්වන ගුරුවරයාය. සැකකරු ගොකරැල්ල පන්ලියද්පදිංචි කේ. ඩී. නිමල් ජයතිස්ස නැමැති පුද්ගලයෙකි.
පාසලේ සංගීත කාමරයේදී අවස්ථා ගණනාවකදී සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමව්පියන් දඹුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර ගුරුවරයා අද(31) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සිසුන්ගේ ප්‍රකාශ සටහන් කර, ඔවුන් දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපඕ කර වාර්තාවක් ලබා ගැනීමෙන් පසු සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd