IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


සිල් රෙදි නඩුව කැඳවීමට දින නියම වෙයි

 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

වර්ෂ 2015  ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් යළි මේ මාසයේ 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (17) නියම කෙළේය.

මෙම පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී විනිසුරු මඩුල්ල සදහන් කළේ මෙම අභියාචනාවලට අදාල තීන්දුව සුදානම් කර ඇති බවය. නමුත් මෙම නඩුව අද කැඳවන බව එහි පාර්ශවකරුවන්ට දැනුම් දී නොමැති හෙයින් නඩු තීන්දුව අද දින ප්‍රකාශ නොකරන බව පැවසූ විනිසුරුවරුන් මෙම අභියාචන පෙත්සම් යළි ලබන 20 වනදා කැඳවන ලෙස නියම කරන ලදී.

එදින මෙම අභියාචනා කැඳවන බව අදාළ පෙත්සම් බල පාර්ශවකරුවන්ට දැනුවත් කරන ලෙසද විනිසුරුවරු  අභියාචනාධිකරණය ලේඛකාධිකාරීවරයාට  නියෝග කළහ.

මෙම අභියාචන පෙත්සම් පිළිබද අභියාචනාධිකරණ තීන්දුව ඉකුත් 13 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර කොළඹ අලුත්කඩේ බල ප්‍රදේශයට පැවති නිරෝධායන ඇඳිරි නීතිය අනුව එය ප්‍රකාශයට පත් නොකෙරුණි.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

එම චෝදනා වලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම විය.



අදහස් (3)

සිල් රෙදි නඩුව කැඳවීමට දින නියම වෙයි

kamal Tuesday, 17 November 2020 07:33 AM

මෙකෙ තීන්දුව මොකක්ද කියලා නොදන්නේ කවුද?

:       0       5

nuwan Tuesday, 17 November 2020 07:36 AM

තවත් ලොකු විහිලුවක් බලාගන්න අවස්ථාවක් සලසාදීලා තියෙනවා වගේ.

:       0       4

ධර්මකීර්ති හිමි Tuesday, 17 November 2020 08:34 AM

මෙන්න තීන්දුව යන මහත්වරු එම චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලදී

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1138 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site