IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


සැලසුම් අධ්‍යක්ෂකට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්න‘යි විරෝධතා

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාර්ගයක් ඉදිරිමේ කටයුතු ආරම්භ කිරීමට යාමේදී විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරයාට හා තවත් පුද්ගලයෙකුට පහරදී ඔවුන් මාතලේ මහරෝහලේ ප්‍රතිකර ලබන අතර ඒ සදහා නීතිය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය දක්වමින් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයෝ විරෝධතාවක නිරතවූහ.

මාතලේ මැලදුම්පත ප්‍රදේශයේ මාර්ගයක් ගම්පෙරළිය වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට මුදල් අනුමත වී ඇති අතර එම මාර්ගය ඉදිකළ යුතු ආකාරය සැලසුම් අධ්‍යක්ෂකවරයා විසින් කොන්ත්‍රාත්කරුට පැහැදිලි කරන අවස්ථාවේ එම මාර්ගය ඉදිවන ස්ථානය පිළිබද ගැටළුවක් ඇති බව පවමින් දෙපිරිස අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර එහිදි සැලසුම් අධ්‍යක්ෂකවරයාට හා තවත් පුද්ගලයෙකුට එම පුද්ගලයා පොල්ලකින් පහරදී තිබේ.

 එම පොලුපහරින් තුවාල ලැබූ සැලසුම් අධ්‍යක්ෂක හා අනෙක් පුද්ගලයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඒ පිළිබද මාතලේ පොලිසිය වෙත පැමිණිලි කළද අදාළ සැකකරු අත්අඩංගුවට නොගැනිමට විරෝධය දක්වමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක පිරිස විරෝධතාවේ නිරතවූහ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියාද මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මාතලේ පොලිසි ස්ථානාදිපති චානක ද සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

සැලසුම් අධ්‍යක්ෂකට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්න‘යි විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 123 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 975 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site