IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැමියාගේ පහරදීමෙන් ගැබිණි මවක් මරුට

(ඩි.ජී.සුගතපාල)

සැමියා විසින් සිදු කරන ලද පහරදිමක් නිසා හදිසියේම අසනිප වූ  ගැබිණි මවක් අද (30) මහමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර දරුවා බේරාගෙන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35  හැවිරිදි ඊ.වී.ජී.කාංචනා නැමැති දරුවන් නම දෙනෙකුගේ මවක් බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව තෙවරක් විවාහ වී ඇති බවත් පහරදීම සිදුකර ඇත්තේ තෙවන සැමියා විසින් බවත් අනාවරණය වී තිබේ.සැකකාර සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බවත් ඊයේ රාත්‍රීයේ මෙම පහරදීම සිදු කිරීමෙන් පසු දරුවන් විසින් ඇය රෝහලට ගෙන ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

ගාල්ල පොලිසිය විසින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට මහේස්තාත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය .ඒ අනුව හෙට උදෑසන ගාල්ල මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ නිවස සහ කරාපිටිය රෝහලට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතය.

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පැවැසීය.දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බව රෝ හල් ප්‍රකාශකයෙකු පැවැසීය



අදහස් (0)

සැමියාගේ පහරදීමෙන් ගැබිණි මවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site