IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් මිය යයි


 (සුදත් එච්. එම්. හේවා)
 
බගවන්තලාව කැම්පියන් වතුයායේ ස්වයං නිරෝධානයට ලක් කර සිටි පවුලක අවුරුදු  69ක කාන්තාවක එම නිවස තුලදිම මිය යාමත් සමග එම මළ සිරුර පී. සී. ආර්. පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි.
 
මෙම කාන්තාවගේ දියණියක් පසුගිය 16වන දින කොළඹ ප්‍රදේශයේ සිට මෙම වතුයායේ නිවසට පැමිණීම හේතුවෙන් එම පවුලේ සියලුම දෙනා එම නිවස තුල ස්වයං නිරෝධානයට ලක් කර සිටි බවත් එසේ නිරෝධානයට ලක් කර සිටියදි මෙම කාන්තාව 28වන දින නිවස තුලදිම මිය ගොස් ඇති බවත් ගනේස් මහතා කියයි.
 
මිය ගිය කාන්තාව සිවු දරු මවකි.
 
පී. සී. ආර්. පරික්ෂාවෙන් පසු එම මළ සිරුර පිළිබදව අවසන් තීරණය ගන්නා බවද ඔහු පවසයි.
 
මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 15දෙනකු හමුව ඇති බවත් එම තත්වයන් මත මෙම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පවුල්  150ක් පමන ස්වයං නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි.



අදහස් (0)

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 588 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site